spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්පෝට් කන්තෝරුවේ ඉහළ මහලයේ පුද්ගල මළ සිරුරක් (ඡායාරූප)

බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පුටුවක් මත තිබී පුද්ගල මළ සිරුරක් (04) උදෑසන හමුව තිබෙනවා.

තලංගම පොලිසිය පැවසුවේ මෙලෙස හමුව ඇත්තේ කැලණිය, වෙදමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කරුණාරත්න ආරච්චිගේ ධර්මසේන නැමැති 73 හැවිරිදි වියේ පසුවූ අයෙකුගේ මළ සිරුරක් බවයි.

මෙම පුද්ගලයා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පිරිසිදු කිරීමේ අංශයේ සේවය කළ අකල් බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු එම පරිශ්‍රයේම ඉහළ මාලයේ පිරිසුදු කිරීමේ අංශයට වෙන්කර තිබූ ස්ථානයක වාසය කර ඇති අතර, එහි පුටුවක් මත මෙසේ මිය ගොස් සිටියදී අද (04) උදෑසන ඔහුගේ සිරුර හමුව තිබෙනවා.

පසුව තලංගම හදිසි මරණ පරීක්ෂිකා ප්‍රේමලතා අබේවර්ධන එම ස්ථානයට කැඳවා ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
22
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?