පාස්පෝට් කන්තෝරුවෙන් අලුත්ම අනාවරණයක්

ඉකුත් ජනවාරි මාසයේ සිට මේ දක්වා ගත වූ කාලය තුළ විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 04ක් නිකුත් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ගමන් බලපත්‍ර ලක්ෂ 04ක් නිකුත්කර ඇතත් තවමත් විදේශගත වී ඇත්තේ ඉන් 70,000ක් පමණක් බවයි.

මේ අතර දෛනික ව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව ද මේ වනවිට 2400ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මේ වනවිට විදේශ ගමන් බලපත්‍රලාභීන් ලක්ෂ 35ත් 45ත් අතර ප්‍රමාණයක් සිටින බවයි වාර්තා වන්නේ.

එම දෙපාර්තමේන්තුවේ එක්දින සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර දහසක් නිකුත් කෙරෙන අතර, සාමාන්‍ය සේවය යටතේ දිනකට 800ක් නිකුත් කරනු ලබනවා.

මේ අතර පසුගිය අප්‍රේල් මාසයේ සිට විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා පැමිණෙන්නන්ගේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43