රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වර්තමානයේ දරන තනතුරුවලින් ඉවත්කිරීමට රජයේ කිසිදු අවස්ථාවක සූදානම් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.
අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පාස්කු කමිටු වාර්තා මුල්කර ගනිමින් අදාළ නිලධාරීන් දෙදෙනාව ඔවුන් දරන තනතුරු වලින් ඉවත්කිරීම ඉලකය වී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.
විවිධ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට ඔවුන්ව තනතුරුවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇතැයි ද විජිත හේරත් අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් පැවසුවා.














Rascals like Gammanpila should be outsted / thrown completely from the political Arena. General public should not bring this type of idiots again to the parliament to ruin the country.