පාස්කු වගඋත්තරකරුවන් සියලු දෙනා වන්දි මුදල් ගෙවා අවසන්

පාස්කු ප්‍රහාරයට අදාළව වන්දි මුදල් ගෙවීමට නියම වී සිටි සියලුම වගඋත්තරකරුවන් එම වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බව අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව එම සියලුම වග උත්තරකරුවන් අදාළ නඩු කටයුත්තෙන් මුදාහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම වග උත්තරකරුවන් ගෙවා ඇති වන්දි මුදල් කුමන ආකාරයෙන් වියදම් කරන්නේ ද යන්න පිළිබඳව කරුණු සනාථ කිරීම සඳහා මෙම නඩුව යළි නොවැම්බර් 18 වනදා කැඳවීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට රුපියල් මිලියන 75 බැගින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10ක මුදලක් වින්දිතයින්ට වන්දි ලෙස ගෙවිය යුතු බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හැර අනෙකුත් වග උත්තරකරුවන් අදාළ වන්දි මුදල් මීට පෙර ගෙවා අවසන් කර තිබූ අතර, නිලන්ත ජයවර්ධනට ගෙවීමට තිබූ රුපියල් මිලියන 65ක හිඟ වන්දි මුදල අද දිනයේ ගෙවා අවසන් කළ බව අධිකරණයට දැනුම් දුන්නා.

මේ අතර අධිකරණය නියම කළ නියමිත දිනට එම වන්දි මුදල් ගෙවා අවසන් කිරීමට නොහැකිවීම හේතුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව අයැද සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39