පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන හිටපු ජනපති මෛත්‍රීට සිදුවන්න යන දේ

විමර්ශනය කරනු ලැබු පාස්කු ප්‍රහාරය පිළිබඳ අවසන් වාර්තාව ජනාධිපතිවරයා විසින් ඊයේ (22) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට, හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමු කරන ලෙස එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා.

600 කට අධික පිටු සංඛ්‍යාවකින් යුක්ත මෙම වාර්තාවේ සිංහල පිටපත් ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වූ සියලු දෙනාට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පිරිසට නඩු පැවරීමට ප්‍රතිපාදන තිබේදැයි සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමුකරන්නැයි අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවද වාර්තා වනවා. මෙවැනි සිදුවීම් ඉදිරියට නොවීමට ගතයුතු ක්‍රියාමාර්ගද ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති අතර, එම සියලු‍ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට හැකියාව පවතින බවද අවසන් වාර්තාවේ දක්වා ඇතැයි ද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 වසරේ අප්‍රේල් 16 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවට සහ පසුව සිංගප්පූරුවට යන අවස්ථාවේ ආරක්ෂක අමාත්‍ය ධූරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබානොදීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්ව, එය සිදුකිරීම තුළින් චේතනාන්විතව සහරාන්ගේ අයි.එස්. තර්ජනයට මග පෑදු බව කොමිසමේ අදහසයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් මෙන්ම වගකීම් පැහැර හැරීමක් ලෙස කොමිෂන් වාර්තාවේ දක්වා ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙසේ සාපරාධී ලෙස වගකීම් පැහැර හැරීම මත දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර ඇති බව සඳහන්. මේ අතර, කැබිනට් ආරංචි මාර්ගවලට අනුව එම වාර්තාව මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම අවසන් වාර්තාවේ පිටපතක් තමන් වෙත ලැබෙන තෙක් කිසිදු දේශපාලනඥයෙකු හමු නොවීමට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තීරණය කර තිබෙනවා. පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියාකළ යුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉකුත් 19 වැනිදා සය පුද්ගල කමිටුවක් පත්කරනු ලැබුවා.

අමාත්‍ය චමල් රාජපක්ෂ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන  යන අමාත්‍යවරුන්.

ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ මෙම කමිටුව, හෙට යළි රැස්වීමටද නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03