පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙනවා – ඇමති වීරසේකර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ප්‍රමාද බවට විවිධ පාර්ශව සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේපකරන බව මහජන ආරක්ෂණ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරට සහ ලෝකයේ මෑතක සිදුවු ත්‍රස්ත ප්‍රහාරවලට අදාළව සිදුකළ පරික්ෂණවලට සාපෙක්ෂව වත්මන් රජය බලයට පත්වූ පසු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු වේගවත්ව සිදුකර ඇති බවය.

මේ වන විට පාස්කු ප්‍රහාරයට අදාළව මහාධිකරණ 05ක නඩු 09ක් පවරා ඇති බවත් 25 දෙනෙකුට අධිචෝදනා ගොනුකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට අමතරව තවදුරටත් විමර්ශන සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ද පත්කර ඇති අතර මෙම ප්‍රහාරයට අදාළව චෝදනා 23,700 මේ වන විට පවරා ඇත බවත්  අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ වසර 2 1/2කට ආසන්න කාලයක් තුළ පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකර ඇති විමර්ශනයන් සෑහිමකට පත්විය හැකි තත්ත්වයක පවතින බවය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26