පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – ජනපති කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ මහ බැංකු වංචාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. 73 වන නිදහස් දින සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ මෙම මහා අපරාධය සම්බන්ධයෙන් වගකිවයුතු සෑම දෙනාටම එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ වන විට තමන් වෙත ලැබී ඇති බවත් එහි සඳහන් කරුණු සහ පාර්ලිමේන්තු ආංශික කමිටුවෙන් ලබාදී ඇති නිර්දේශ ද මෙහිදී තමාගේ අවධානයට යොමුවී ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

කොවිඩ්  වෛරසය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක එන්නත් කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ.

සෑම අවස්ථාවකදීම රටේ මහජනතාව නොමග යැවීමට ඇතැම් පාර්ශව ක්‍රියා කරන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෑම විටම විචාරණ බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමට පෙළඹිය යුතු බවයි.

රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයින්ට විකිනීමට රජය කටයුතු නොකරන ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් එම මර්මස්ථාන දියුණු කිරීම සඳහා විදේශ ආයෝජන එක් කර ගැනීමේදී ඊට එරෙහිව කටයුතු කරමින් අසත්‍ය කරුණු ප්‍රචාරණය කරන අයවලුන් ගේ යටි අරමුණු සම්බන්ධයෙන් විචාරණ බුද්ධියෙන් ජනතාව කටයුතු කළ යුතු බවද මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියා.

කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා අංශවල වර්ධනය තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරනු ලැබේ. ඊට සහය වීමට තාක්ෂණික නව්‍යකරණය සංස්කෘතියක් නිර්මාණය කරමින් පවතී. දුප්පත්කම තුරන් කිරීම, දේශීය ව්‍යාපාරිකයින් ගොඩනැගීම ඇතුළු  අරමුණු සපුරා ගැනීමට පිරිසිදු සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තිබීම අත්‍යාවශ්‍ය වේ. එසේ වුවත් රාජ්‍ය සේවයේ සෑම ස්ථරයකම තීන්දු තීරණ ගැනීමේ දුර්වලතාවක් දකින්නට ලැබේ. තීරණ ගැනීමට හැකි සීමාව තුළ වුවද ඇතැම්හු ඊට පැකිළෙති. නිවැරදි තීන්දු ගෙන රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවකයින් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සැකසෙමින් ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ.

දූෂණය සහ නාස්තිය රටක සංවර්ධනයට දැඩි  බාධාවකි. ඊට වැරදිකරුවන් වන කිසිවෙකුට සමාවක් නොලැබේ. එබැවින් දුෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා රට පුරා මතයක් නිර්මාණය කිරීමට එකතුවන්නැයි එතුමා සියලුදෙනාට ආරාධනා කරනු ලැබුවා.

රට වෙනුවෙන් තමාගෙන් සේවයක් බලාපොරොත්තු වූ සියලුදෙනා එසේ කළේ පොදු අපේක්ෂා ඉටු කර ගැනීමටය. ඒ සඳහා සෑම විමට කැපවන අතර, පටු චේතනාවෙන් සහය දුන් අය සතුටු කිරීමට රටට අහිතකර තීන්දු නොගන්නා බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40