පාස්කු ප්‍රහාරයට ගෝඨා -බැසිල් ඈඳපු අශෝක් අබේසිංහ CIDයේදී ගොළුවෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තමන් කළ ප්‍රකාශය සනාථ කිරීමට කිසිදු මූලාශ්‍රයක් නැති බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී ඇත. එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා කනගාටුව ප්‍රකාශ කරන බවද මන්ත්‍රීවරයා පවසා තිබේ.

ඊයේ 11 වැනිදා උදෑසන 9.30 සිට පැය පහක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්ත​මේන්තු නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මන්ත්‍රීවරයා පිළිතුරු දී නැත.

ජනපතිවරයා බැසිල් රාජපක්ෂ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සනාථ කළ හැකි තොරතුරු මොනවාද යන්න ප්‍රශ්න කිරීමේදී තොරතුරු ලද ආකාරය සනාථ කිරීමට නොහැකි බව සඳහන් කර ඇත.

එම ප්‍රකාශය මගින් ජාතීන් අතර කලබලයක් ඇතිවිය හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පෙන්වා දුන් මොහො​තේ ඒ සම්බන්ධව මන්ත්‍රීවරයා කනගාටුව ප්‍රකාශ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

කෙ​සේ වුවද මන්ත්‍රීවරයා පෙර කරන ලද ප්‍රකාශයෙන් පසු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළමු මත මෙන්ම ඊයේ (11 වැනිදා) ලබාදුන් ප්‍රකාශයක් නීතිපතිවරයාට යොමුකර නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනකු කළ පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාට මෙම කැඳවීම කළේය.

මන්ත්‍රීවරයා දෙවතාවක් කැඳවීම් කළද නොපැමිණ තිබිණ. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්ත​​මේන්තුව වෙත ඊයේ (11 වැනිදා) කටඋත්තරයක් ලබාදීමට පැමිණ තිබුණි.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මාධ්‍යවේදීන් අමතමින් මෙසේ පැවැසීය.

සමගි ජන බලවේගයේ නායකයා වශයෙන් අපගේ මන්ත්‍රීවරුන් ආරක්ෂා කිරීමට මා බැඳී සිටිනවා. රටේ අපේක්ෂාව වන්නේ පාස්කු ප්‍රහාරයට මුල්වුණු, නායකත්වය ලබා දුන් ත්‍රස්තවාදය පෝෂණය කළ අපරාධකරුවන් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කිරීමයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් සිදුවී ඇත්තේ මෙම ප්‍රහාරයට සම්බන්ධ කොටසක් පමණක් හඳුනා ගැනීමයි. නමුත් සිදුවිය යුත්තේ ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා නීතිය හමුවට ගෙනත් දැඩි දඬුවම් දීමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32