පාස්කු ප්‍රහාරයට කෙලින්ම වගකිවයුතු පුද්ගලයා ගැන කාදිනල් හිමියන්ගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

පාස්කු කොමිසමේ වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස සඳහන් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා නිමිත්තෙන් දේවස්ථාන කිහිපයක සංචාරයේ නිරතවෙමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණි අවස්ථාවේදියි.

කාදිනල් හිමිපාණන් කොටහේන – ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරටත් පසුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයටත්, අවසානයේ පාස්කු ප්‍රහාරයෙන් වැඩිම හානියට පත් කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයටත්  පැමිණ දේව මෙහෙයන්ට සහභාගිවී තිබෙනවා.

කෙසේ වෙතත් මෙවරත් ශ්‍රී ලංකාවේ කිතුනුවන්ට පාස්කු සැමරීමට සිදුවූයේ දෙවසරකට පෙර එල්ලවූ අන්තවාදී ප්‍රහාරයේ අමිහිරි මතකයන්ද සමඟයි.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදාට යෙදී තිබුණු පාස්කු ඉරිදාව සිහිපත් කරමින් දේව මෙහෙයන්ට එක්වූ කතෝලික ජනතාව ඉලක්ක කරගනිමින් අන්තවාදී ස්වයං ඝාතකයන් විසින් ප්‍රහාරයක් එල්ල කළේ පෙරවරු 8.45 ටයි.

එය සිහිපත් කරමින් දේවස්ථාන තුළ සීනු නාද කෙරුණු අතර, අනතුරුව රැස්ව සිටි බැතිමතුන් තමන් සමඟ දේව මෙහෙයට එක්ව සිටියදී බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන් සිහිපත් කරනු ලැබුවා.  

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් වැඩිම හානියට පත් කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මෙන්ම මඩකලපුව සියොන් දේවස්ථානයේද දේව මෙහෙයන් පැවති අතර, ඊට පිපිරීම්වලින් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර  පාස්කු ප්‍රහාරයට දායක වූ වැරදිකරුවන්ට නීතියෙන් ගැලවී සිටීමට කිසිසේත් ඉඩක් නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පාස්කු දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.  

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අධ්‍යයනය කළ කමිටුවේ වාර්තාව හෙට ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.

Hiru News



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34