පාස්කු ප්‍රහාරය සහ පරීක්ෂණ ගැන ඇමති හරින්ගෙන් නිවේදනයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ වූ සියලු චූදිතයින් අපක්ෂපාතී පරීක්ෂණයක් මගින් සොයාගෙන නිශ්චිතවම ඔවුන්ට දඩුවම් පැමිණවිය යුතු බව සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ වේදනාබර මතකයන් දරාගෙන සිටින වින්දිතයින්ට කිසියම් පමණකින් හෝ සාධාරණය ඉටුවන්නේ එවැනි පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන්ට දඬුවම් කිරීමෙන් පමණක් බව යළි යළිත් අවධාරණය කරන බවයි.

පාස්කු ඉරිදා සිදුවූ කුමන්ත්‍රණකාරී බියගුළු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව එදා මෙන්ම අදත් කම්පා වන බව ද ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඔහු සිය නිවේදනය මගින් ප්‍රකාශ කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටිය දීම පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවත් එය සාපයකට හේතු වන බවත් තමා නොබියව ප්‍රකාශ කළ බවයි.

ඔහු බලයෙන් පහ වී සිටින අවස්ථාවේදී ද තම ස්ථාවරය අංශු මාත්‍රයකින් හෝ නොවෙනස් බවයි අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ.

ඇතැම් දේශපාලන කණ්ඩායම් විසින් තමන්ට අවශ්‍ය පරිදි විකෘතිකොට සැකසූ වීඩියෝවක කොටසක් උපුටාගෙන තම ස්ථාවරය ප්‍රශ්න කරනු දක්නට ලැබෙන අතර ගරු සිරිල් ගාමිණී පියතුමන් ද එක්තරා යූටියුබ් නාලිකාවක වැඩසටහනකට එක්ව තමා පිළිබඳව එවැනි ප්‍රකාශයක් කරනු දැක ගත හැකිවූ බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එදත් අදත් හෙටත් පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය පිළිබඳව නොසැලී එකම මතයක හිඳිමින් අරගල කළ සහ කරන පුද්ගලයෙකු වන තමා දඩමීමා කරගනිමින් මෙලෙස අභූත ප්‍රහාර එල්ල කිරීම බලවත් ඛේදවාචකයක් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

අවලාදවලට නොසැලෙමි.සත්‍ය වෙනුවෙන් නොවෙනස්ව පෙනීසිටිමි!

පාස්කු ඉරිදා සිදුවූ කුමන්ත්‍රණකාරී බියගුළු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව එදා මෙන්ම අදත් අප කම්පාවන අතර මේ ප්‍රහාරයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වූ සියලු චූදිතයින් අපක්ෂපාතී පරීක්ෂණයක් මඟින් සොයාගෙන නිශ්චිතවම ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතු බවත්,පාස්කු ප්‍රහාරයේ වේදනාබර මතකයන් දරාගෙන සිටින වින්දිතයින්ට කිසියම් පමණකින් හෝ සාධාරණය ඉටුවන්නේ එවිට බවත් අප යළි යළිත් අවධාරණය කරමි.

අප වත්මන් ජනාධිපතිවරයා සමග එක්වන විට ඉදිරිපත් කළ කොන්දේසි ප්‍රකාරව නැවත ජනාධිපතිතුමන්ට සිහිපත් කරන්නේ මේ පිළිබඳව කඩිනමින් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙලිදරව් කරන ලෙසට ය.ඒ උදෙසා කොන්දේසි විරහිතව මා පෙරමුණ ගන්නා බවද සිහිපත් කරන අතර මගේ දේශපාලනය තනතුරු,තාන්නමාන්න මත හෝ අවස්ථාවාදය මත ක්‍රියාත්මක නොවන්නක් බවද සිහිපත් කරමි.

එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටිය දීම අදාල පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවත් එය සාපයකට හේතු වන බවත් අප නොබියව ප්‍රකාශ කළ අතර ඔහු බලයෙන් පහ වී සිටින අදත් අපගේ ස්ථාවරය අංශු මාත්‍රයකින් හෝ නොවෙනස් බව නැවත අවධාරණය කරමි.

අදාල චූදිතයින් සහ කුමන්ත්‍රණකරුවන් කුමන තරාතිරමක වුවද ඒකාන්තම හෙළිදරව් කොට ඔවුන්ට උපරිම දඬුවම් දිය යුතුයි.

යම් යම් බංකොලොත් දේශපාලන කණ්ඩායම් විසින් තමන්ට අවශ්‍ය පරිදි විකෘතිකොට සැකසූ වීඩියෝවක කොටසක් උපුටාගෙන අපගේ ස්ථාවරය ප්‍රශ්න කරනු දක්නට ලැබෙන අතර ගරු සිරිල් ගාමිණී පියතුමන් ද එක්තරා යූටියුබ් නාලිකාවක වැඩසටහනකට එක්ව මා පිළිබඳව එවැනි ප්‍රකාශයක් කරනු දැකිය හැකිවිය.

ඕනෑම කෙනෙකුට අදහස් දැක්වීමට ඇති අයිතියට අප ගරු කරන අතර එහෙත්, සත්‍ය වෙනුවට විකෘතිය වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව කණගාටු වෙමි.විශේෂයෙන්ම ගරු කටයුතු සිරිල් ගාමිණී පියතුමන් වැනි උදාර චරිතයක් වෙතින් එවැන්නක් සිදුවීම අදහාගත නොහැකි තරම්ය.

ආගමෙන් කියා දී ඇත්තේ සත්‍ය සහ මිනිසුන් අතර පාලමක් තැනීමට මිස අසත්‍ය සහ මිනිසුන් අතර පාලම් තැනීමට නොවේ.

එදත් අදත් හෙටත් පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය පිළිබඳව නොසැලී එකම මතයක හිඳිමින් අරගල කළ සහ කරන පුද්ගලයෙකු වන මාව දඩමීමා කරගනිමින් මෙලෙස අභූත ප්‍රහාර එල්ල කිරීම බලවත් ඛේදවාචකයකි.

අසත්‍යයේ ඝෝෂාවන්ට සත්‍ය වසන් කළ නොහැකි බවත් සත්‍යයේ දැතිරෝද නොනැවතී කැරකෙන බවත් සිහිපත් කරමි. සත්‍ය උදෙසා පෙනී සිටීම කුමන අභියෝගයක් යටතේවත් වෙනස් නොවන බව මා යලිත් සිහිපත් කරමි.

මා විනිශ්චය කිරීමේ බලය ඇත්තේ දෙවියන් වහන්සේට පමණි.

ඒ නිසා කතෝලිකයෙකු වශයෙන් සත්‍ය සිතින් සතුටු වෙමි.

හරින් ප්‍රනාන්දු
සංචාරක හා ඉඩම් අමාත්‍ය

Harin Fernando Letter1
Harin Fernando Letter2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14