spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරය දා රාජකාරිය පැහැර හැරි බුද්ධි අංශ සැරයන් පොලිසියෙන් දොට්ට

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ තමාට පැවරුණු රාජකාරිය ඉටු නොකිරීම හේතුවෙන් පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු අනුව විනය කඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා 12ක් යටතේ චෝදනා පත්‍රයක් අදාළ නිලධාරියාට ඉදිරිපත් කර තිබුණා.

එහිදී සියලුම චෝදනාවන්ට මුල් අවස්ථාවේදීම වරද පිළිගත් බැවින් ඔහුව සේවයෙන් පහ කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් මෙලෙස තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා පෙරේදා (14) දිනයේ සිට සේවයෙන් පහ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
13
+1
3
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?