පාස්කු ප්‍රහාරයේ වගකීම තමන් ද භාරගන්නවා – සජිත් මැතිසබයේ දී කියයි (වීඩියෝ)

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීම තමන් ද භාරගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එමෙන්ම කුමන ආණ්ඩුවකට හෝ මෙම ප්‍රහාරයේ වගකීමෙන් මිදී අත සෝදාගැනීමට නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේ දී අද (22) දිනයේ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 31 දෙනෙකු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයෙන් හදිසියේ මාරු කර යැවීමක් පිළිබඳව ද විපක්ෂ නායකවරයා අද අනාවරණයක් කළා.

එලෙස මාරු කර යැවූ අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් ද ඉදිරිපත් කරමින එය සභාගත කිරීමට ද ඔහු කටයුතු කරණු ලැබුවා.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 700 දෙනකුට විදෙස් ගමන් තහනම් කිරීම බරපතළ සැකයට තුඩුදෙන කරුණක් බවත් වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ද රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02