spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරයේ වගකීම තමන් ද භාරගන්නවා – සජිත් මැතිසබයේ දී කියයි (වීඩියෝ)

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීම තමන් ද භාරගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එමෙන්ම කුමන ආණ්ඩුවකට හෝ මෙම ප්‍රහාරයේ වගකීමෙන් මිදී අත සෝදාගැනීමට නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේ දී අද (22) දිනයේ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 31 දෙනෙකු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයෙන් හදිසියේ මාරු කර යැවීමක් පිළිබඳව ද විපක්ෂ නායකවරයා අද අනාවරණයක් කළා.

එලෙස මාරු කර යැවූ අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් ද ඉදිරිපත් කරමින එය සභාගත කිරීමට ද ඔහු කටයුතු කරණු ලැබුවා.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 700 දෙනකුට විදෙස් ගමන් තහනම් කිරීම බරපතළ සැකයට තුඩුදෙන කරුණක් බවත් වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ද රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?