පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන කාදිනල් හිමිපාණන්ගෙන් ඉඟියක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය හා සාධාරණය ඉටු කිරීමට මෙතෙකක් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

පාස්කු ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද පැවති විශේෂ සැමරුම් වැඩසටහන අමතමිනුයි උන්වහන්සේ මේ බව කියාසිටියේ.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී පෙන්වා දුන්නේ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා සාක්ෂිකරුවෙකුට වඩා චූදිතයෙකුගේ තත්ත්වයට ඇද දමා ඇති බවයි.

කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරුගේ බිරිඳ වන සාරා නොහොත් පුලස්තිනී රාජේන්ද්‍රන් මියගිය බවට තහවුරු කර ගැනීමට තවත් ඩී. එන්. ඒ. පරීක්ෂණ සිදු කිරීම ප්‍රශ්න සහගත බවයි උන් වහන්සේ කියාසිටියේ.

එම තුන්වන ඩී. එන්. ඒ. පරීක්ෂණය සිදු කිරීමට අණ දෙනු ලැබුවේ කවුරුන් ද යන්න සැක සහිත අතර ඇතැම් විට මෙම ප්‍රහාරයේ මහ මොළකරු එම උපදෙස් දුන් තැනැත්තා විය හැකි බව ද කාදිනල් හිමිපාණන් පෙන්වා දෙනවා.

ලොව පුරා කිතුනුවන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානය සැමරූ 2019 අප්‍රේල් මස 21 වැනිදා ස්ථාන 8කදී ප්‍රහාර 10ක් සිදුකළේ කිතුණු දේවස්ථාන 03ක් සහ අගනුවර තරු පන්තියේ හෝටල් 03ක් ප්‍රධාන ඉලක්ක කර ගනිමින්.

එම ප්‍රහාරයෙන් මියගිය හා වින්දිතයින්ට යුක්තිය ඉල්ලමින් ඊයේ පස්වරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකින් අනතුරුව පාගමනක් ආරම්භ කෙරුණේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය දක්වායි.

පා ගමන අද පෙරවරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය වෙත පැමිණි අතර අනතුරුව ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය වෙනුවෙන් සංවිධානය කර තිබු ප්‍රධාන සිහිකිරීමේ වැඩසටහන සහ දේව මෙහෙය අද පෙරවරු 08ට පමණ ආරම්භ කෙරුණා.

ඒ, කොළඹ පදවියේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ වතිකානයේ ශ්‍රී ලංකා තානාපති අතිඋතුම් බ්‍රයන් උඩයිගුවේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.‍

එම අවස්ථාව සඳහා චීනය, අමෙරිකාව, එක්සත් රාජධානිය ඇතුලු රටවල් රැසක් නියෝජනය කරමින් තනාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ද එක්ව සිටියා.

සැමරුම් වැඩසටහන ආරම්භයේදී පළමු ප්‍රහාරය එල්ලවු උදෑසන 8.45 සිහි කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වූ අතර අනතුරුව ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිකරමින් ස්මාරකය ඉදිරිපිට ඉටිපහන් දැල්වීම සිදු කරනු ලැබුවා.

https://www.youtube.com/watch?v=w6SkVwUyGw8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15