මෛත්‍රී අඩියක් පස්සට ගනී – මහමොළකරු ගැන ප්‍රකාශයක් දෙන්න බෑ කියයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබා දීමට තමන් සූදානම් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය නීතිඥයින් මාර්ගයෙන් අද (03) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නා.

ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකළ මෝසමක් අද මාලිගාකන්දන් මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරියේ විභාගයට ගැනීමේදීයි.

මෙහිදී හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ ජ්‍යේෂ්ඨ නීතිඥ සංදීප් සූරියාරච්චි අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

එහි දී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මෙලෙස හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයේ ඉදිරියේ දැනුම් දී තිබෙනවා.

2019 පාස්කු ඉරිදාවේ දිවයිනේ කතෝලික දේවස්ථාන කිහිපයක් සහ තරු පන්තියේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කරගෙන එල්ල කෙරුණු මුස්ලිම් අන්තවාදී බෝම්බ ප්‍රහාර මාලාවක් හේතුවෙන් දේව මෙහෙයන්ට සහභාගි වූ සිවිල් වැසියන් සහ මෙරට සංචාරයන් සඳහා එක් වූ විදෙස් සංචාරකයින් ද ඇතුළුව 269 දෙනෙකු මියගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14