පාස්කු ප්‍රහාරයේ චෝදනා එල්ල වී සිටින කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රහිම්ගේ මූලික විරෝධතාව අධිකරණය ඉවත දමයි

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු දැන සිටිය දී එය පොලීසියට වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් සහ ඔහුගේ පුතුන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතුකරන ලද මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළා.

විත්තිය විසින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රය තුළ කිසිදු නීතිමය වලංගුභාවයක් නොමැති බවයි.

එබැවින් එය ප්‍රතික්ෂේප කර විත්තිකරුවන් නිදහස් කරන ලෙසත් එම විරෝධතාවලින් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

අද (15) දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ කියා සිටියේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන අධි චෝදනා පත්‍රයේ වලංගු භාවය පරික්ෂා කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බවයි.

ඒ, අනුව අදාළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

ඉන් අනතුරුව නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුනි මස 06 වනදා පවත්වන බවත් විනිසුරුවරයා නියම කළ සිටියා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ස්මයිල් අහමඩ් නමැති විත්තිකරු ඇපමත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත් කළ බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් පාස්කු ඉරුදින කොළඹ පිහිටි තරු පන්තියේ හෝටල්වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ඉන්සාෆ් අහමඩ් සහ ඉල්හාම් අහමඩ් යන බෝම්බකරුවන් දෙදෙනාගේ පියා වන අතර, සෙසු විත්තිකරුවන් දෙදෙනා එම බෝම්බකරුවන් දෙදෙනාගේ සොහොයුරන් බව ද නඩු විභාගයේදී අනාවරණය වුණා.

එම විත්තිකරුවන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු දැන එය පොලීසියට වසන් කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53