spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරයේ චෝදනා එල්ල වී සිටින කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රහිම්ගේ මූලික විරෝධතාව අධිකරණය ඉවත දමයි

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු දැන සිටිය දී එය පොලීසියට වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් සහ ඔහුගේ පුතුන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතුකරන ලද මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළා.

විත්තිය විසින් මූලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රය තුළ කිසිදු නීතිමය වලංගුභාවයක් නොමැති බවයි.

එබැවින් එය ප්‍රතික්ෂේප කර විත්තිකරුවන් නිදහස් කරන ලෙසත් එම විරෝධතාවලින් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

අද (15) දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ කියා සිටියේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන අධි චෝදනා පත්‍රයේ වලංගු භාවය පරික්ෂා කිරීමට තම අධිකරණයට බලයක් නොමැති බවයි.

ඒ, අනුව අදාළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

ඉන් අනතුරුව නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුනි මස 06 වනදා පවත්වන බවත් විනිසුරුවරයා නියම කළ සිටියා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන ස්මයිල් අහමඩ් නමැති විත්තිකරු ඇපමත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත් කළ බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් පාස්කු ඉරුදින කොළඹ පිහිටි තරු පන්තියේ හෝටල්වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ඉන්සාෆ් අහමඩ් සහ ඉල්හාම් අහමඩ් යන බෝම්බකරුවන් දෙදෙනාගේ පියා වන අතර, සෙසු විත්තිකරුවන් දෙදෙනා එම බෝම්බකරුවන් දෙදෙනාගේ සොහොයුරන් බව ද නඩු විභාගයේදී අනාවරණය වුණා.

එම විත්තිකරුවන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු දැන එය පොලීසියට වසන් කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?