පාස්කු ප්‍රහාරයේ ඇත්ත යටගැසීමට පසුගිය දේශපාලන නායකත්වය ගත් උත්සාහය අදටත් ක්‍රියාත්මකයි

පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටගැසීමට පසුගිය දේශපාලන නායකත්වය ගත් උත්සාහය අදටත් ක්‍රියාත්මක කරවන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ පවසන්නේ එම පාරජිත දේශපාලන බලවේගවලට යට වූ විවිධ රාජ්‍ය ආයතන මෙහෙයවන පාර රාජ්‍යයක් ද ක්‍රියාත්මකවන බවයි.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ හයවන වසර සිහිකෙරෙන ප්‍රධාන අනුස්මරණ වැඩසටහනට අද (21) දිනයේ එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් සිදුවන විමර්ශන කඩාකප්පල් කිරීමට ඇතැම් මාධ්‍ය ආයතන පවා මාන බලමින් සිටින බවයි කාදිනල් හිමිපාණන් චෝදනා කළේ.

වත්මන් ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිකර ගැනීමේ කටයුත්තට අතගසා ඇති බවත්, එය මෙහයුමකට උසස් නිලධාරින් කණ්ඩායමයක පවරා ඇති බවත්, පවතින නීති පද්ධතිය සහ එය ක්‍රියාවට නැංවීමට භාර ඇතැම් නිලධාරීන්ගේ මන්දගාමී පැවැත්ම හේතුවෙන් එම කටයුතු විවිධ බාධක මාධ්‍යයේ සිදුවන තත්ත්වයකට පත්ව ඇති බවයි උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්නේ.

මේ අතර පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය නීතිය හමුවට කඩිනමින් ගෙන්වනු ඇතැයි තම ඒකායන බලාපොරොත්තුව පැවසූ කාදිනල් හිමියන්, ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් කිහිපයක් ද ඉදිරිපත් කළා.

එම ඉල්ලීම්,

  1. පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනගත කිරීම.
  2. පාස්කු වැඩිදුර විමර්ශන නිරීක්ෂණයට හා නඩු පැවරීම ස්වාධීන අධිචෝධක කාර්යාලයක් ස්ථාපිත කිරීම.
  3. ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ සියලු බලවේග කවරේදැයි සොයා බලා සත්‍ය රටට හෙළිකර, ඒ සඳහා ක්‍රියාත්මක වූ චූදිතයින් තරාතිරම නොබලා නීතිය හමුවට ගෙන ඒම.
  4. 2019 සැප්තැම්බර් 21 ජනාධිපති කොමිසම් වාර්තාවේ සියලු නිර්දේශිත යෝජනා ක්‍රියාත්මක කිරීම කටයුතු කිරීම.
  5. හමුදා බුද්ධි අංශය සහ සහරාන් හෂීම් නැමති ත්‍රස්ත නායකයා අතර, තිබූ සම්බන්ධය හා එංගලන්තයේ චැනල් ෆෝ මඟින් ඉදිරිපත් කළ වැඩසටහන පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් දියත් කර එහි ප්‍රධාන සාක්ෂියක් මෙහෙය වූ අසාද් මව්ලානා කී දේ ගැන ගැඹුරු විමර්ශනයකට ලක්කිරීම.
  6. පාස්කු ප්‍රහාරයට තුඩු තුන් සියලු රහස් කුමන්ත්‍රණ පිටුපස තිබූ අව නීතියේ සංස්කෘතිය හා එයට උඩගෙඩි දෙන පාරරාජ්‍ය මේ රටින් ඉවත් කිරීමට අවශ්‍ය නීතිරීති සම්පාදනය.
  7. රට තුළ දේශපාලන බලය ඇති අය පුරවැසියාගේ සේවකයෝ මිස පාලකයෝ නොවන බවට නව සංස්කෘතියක් දෙසට අප රට මෙහෙයවීම.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ හයවන වසර සිහිකෙරෙන ප්‍රධාන අනුස්මරණ වැඩසටහනට අද (21) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේ දී පැවැත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
7
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59