පාස්කු ප්‍රහාරයට අදට වසර 06යි – ප්‍රධාන අනුස්මරණය කොච්චිකඩේ දේවස්ථානයේදී

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට (21) වසර හයක් සපිරිනවා.

2019 වසරේ අප්‍රේල් 21වන දින උදෑසන 8.45ට පමණ මෙරට කතෝලික පල්ලි 03ක්, කොළඹ සුඛෝපභෝගී හෝටල් 03ක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබුවා.

ඊට අමතරව දෙමටගොඩ ප්‍රදේශයේ නිවසය සහ දෙහිවල ප්‍රදේශයේ හෝටලයක් තුළ ද ත්‍රස්තයින් විසින් පුපුරාගැනීම් සිදුකර ගත්තා.

මෙම ප්‍රහාරවලින් ජීවිත 272ක් අහිමි වී අතර එම පිරිස සහ තුවාල ලැබූ, පීඩාවට පත් වූ පිරිස් සිහිකරමින් දිවයිනේ දේවස්ථාන රැසක අද (21) දිනයේ දේව මෙහෙයන් සංවිධාන කර තිබෙනවා.

මෙම අඳුරු දිනය සිහිපත් කරමින් පැවැත් වෙන ප්‍රධාන සැමරුම් උත්සවය අද (21) කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනී දේවස්ථානයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිපත් කර අද (21) උදෑසන 8.45 සිට 8.47 දක්වා විනාඩි දෙකක නිහැඬතාවක් පවත්වන ලෙස ජාතික කතෝලික සභාව ජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් දේවස්ථානවල දී මියගිය බැතිමතුන්; විශ්වාසයේ විරුවන් හෙවත් ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කිරීමේ සන්නස් පත්‍රය අද පළමු වරට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අද පස්වරුවේ කටුවපිටිය ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමන්ගේ දේවස්තානයේ පැවැත්වෙන දේවමෙහෙයේදී මෙම සන්නස් පත්‍රය ප්‍රකාශයට පත්කරනු ඇති.

මේ අතර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සහ කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානවලදී පැවැත්වෙන විශේෂ දේව මෙහෙය වෙනුවෙන් එම දේවස්ථාන ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමාකරන බව පොලිසිය දැනුම් දෙනවා.

කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ සිට වෙරළබඩ පොලිස් වසමේ පිහිටි කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පාගමනක් පවත්වා අනතුරුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට කටයුතු සැලැසුම් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පා ගමන උදෑසන 07.00 ට කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයෙන් ආරම්භ වී බොංජින් හන්දියෙන් වමට හරවා ගල්පොත්ත වටරවුමෙන් ගල්පොත්ත වීදිය හරහා ජම්පටා වීදියට ගමන් කර ජම්පටා වීදීය ඔස්සේ වෙරළබඩ ශාන්ත අන්තෝනී දේවස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතයි.

ඒ අනුව අද (21) උදෑසන 07.00 සිට උදෑසන 11.45 දක්වා වරින්වර වෙරළබඩ පොලිස් වසමේ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා තැබීමට සිදුවන බවයි පොලිසිය දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01