පාස්කු දිනයේ ජනපතිගෙන් පොරොන්දුවක්

2019 වසරේ පාස්කු දිනයේ වැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට තමා කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

පාස්කු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වේදනාව තවමත් බැතිමතුන්ගේ මතකයෙහි රැඳී ඇති බව හොඳින් දන්නා අතර එම අවාසනාවන්ත සිදුවීමට අදාළ නීතිමය කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි.

අදාළ කටයුතු කිසිඳු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යමින් වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බව ද ජනාධිපතිවරයා සිහිපත් කරනවා.

එමෙන්ම එවැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට තමා කැපවී සිටින බව ද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

පාස්කු මංගල්‍යය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩයේ දැක්වෙන්නේ අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගත කළ යුගයක් අප දැන් අවසන් කරමින් සිටින අතර යහපත් හෙට දවසක් පිළිබඳ අපේක්ෂාවේ දෑස් දල්වාගෙන සිටින බවයි.

ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ එකී අපේක්ෂාව සාක්ෂාත් කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින අතර ඉතා කෙටි කලක් තුළ එම අභියෝගය ජයගත හැකි බව තමා තරයේ විශ්වාස කර බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

අද අවශ්‍ය වන්නේ පටු දේශපාලන අරමුණුවලින් මෙන්ම පසුගාමී ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනඟන පොදු වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා අත්වැල් බැඳ ගැනීම බවයි ඔහු පාස්කු දින පණිවුඩය මගින් පෙන්වා දෙන්නේ.

රට හමුවේ ඇති සියලු අභියෝග ජය ගැනීමට, ඥානාලෝකය, ධනාත්මකබව සහ ආධ්‍යාත්මික ශක්තිය පිළිබිමු කෙරෙන පාස්කු මංගල්‍යය ආශිර්වාදයක්ම වේවා යි! ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කරන අතර සියලු කිතුනු බැතිමතුන්ට අර්ථවත් සහ සාමකාමී පාස්කු මංගල්‍යයක් වේවා යි ! සුභාශිංසනය කරනවා.

පාස්කු දින පණිවිඩය

පාස්කු මංගල්‍යය යනු, සිත් තුළ ඇති අඳුර දුරු කොට බලාපොරොත්තුව ගෙන දෙමින් ජීවිත පරිවර්තනයකට කැඳවන ක්‍රිස්තුස් වහන්සේගේ බලය ලොවට ප්‍රකාශ කෙරෙන දිනයකි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කරන මෙදින බලාපොරොත්තුව සහ විමුක්තිය තුළින් අන්ධකාරය සහ අපේක‍්‍ෂා භංගත්වය තුරන් කිරීමේ පණිවිඩය මෙනෙහි කිරීමට සැමට ආරාධනා කරයි.

අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගත කළ යුගයක් අප දැන් අවසන් කරමින් සිටින අතර යහපත් හෙට දවසක් පිළිබඳ අපේක්ෂාවේ දෑස් දල්වාගෙන සිටින්නෙමු.

ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ එකී අපේක්ෂාව සාක්ෂාත් කිරීම වෙනුවෙන් රජය කැපවී සිටියි. ඉතා කෙටි කලක් තුළ එම අභියෝගය ජයගත හැකි බව මම තරයේ විශ්වාස කරමි. අද අවශ්‍ය වන්නේ පටු දේශපාලන අරමුණු වලින් මෙන්ම පසුගාමී ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනඟන පොදු වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා අත්වැල් බැඳ ගැනීමය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වේදනාව තවමත් ඔබගේ මතකයෙහි රැඳී ඇති බව මම හොඳින් දනිමි. එම අවාසනාවන්ත සිදුවීමට අදාළ නීතිමය කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර, එම කටයුතු කිසිඳු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යමින් වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බව ද සිහිපත් කරමි. එමෙන්ම එවැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට මා කැපවී සිටින බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.

රට හමුවේ ඇති සියලු අභියෝග ජය ගැනීමට, ඥානාලෝකය, ධනාත්මකබව සහ ආධ්‍යාත්මික ශක්තිය පිළිබිමු කෙරෙන පාස්කු මංගල්‍යය ආශිර්වාදයක්ම වේවා යි! ප්‍රාර්ථනා කරන අතර සියලු කිතුනු බැතිමතුන්ට අර්ථවත් සහ සාමකාමී පාස්කු මංගල්‍යයක් වේවා යි! සුභාශිංසනය කරමි.

රනිල් වික්‍රමසිංහ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2023 අප්‍රේල් 09 වන දින

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51