පාස්කු ඉරුදින ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව ගැන පාර්ලිමේන්තු විවාදයක්

පාස්කු ඉරුදින ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 21 සහ 22 යන දෙදින පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.

අද (08) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණයට එළඹි බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ.

පාර්ලිමේන්තුව ලබන 19 වන අඟහරුවාදා සිට 22 වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත අතර 19 වනදා සහ 20 වනදා පෙරවරු 9.30 – 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

19 වන අඟහරුවාදා පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2334/47 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතයි. පස්වරු 5 සිට 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව රෝහණදීර මහත්මිය සඳහන් කළා.

සැප්තැම්බර් 20 වන බදාදා පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා (451 නව අධිකාරිය වූ) වන සංරක්ෂණ ආඥා පනත යටතේ අංක 2346/02 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතයි. ඉන්පසු පස්වරු 5 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබද විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සැප්තැම්බර් 21 බ්‍රහස්පතින්දා සහ 22 සිකුරාදා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ විපක්ෂය විසින් ගෙන එන සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42