පාසල තුළ දුම්වැටි අලෙවි කළ සිසුවා මාට්ටු වෙයි

තණමල්විල අධ්‍යපන කලාපයට අයත් ප්‍රධාන පාසලක සිසුවෙකුගෙන් ලද තොරතුරක් මත තීරුබදු රහිත විදෙස් දුම්වැටි අලෙවි කල සුරියවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් තණමල්විල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් විසින් විදෙස් දුම්වැටි පාසලේ 09 වසරේ ඉගෙනුම ලබන සිසුන් කිහිපදෙනෙකු වෙත අලෙවි කර ඇති අතර තවත් සිසුවෙක් විසින් ඒ පිළිබද විදුහල්පතිවරයාට සිදුකල දැනුම් දීමකට අනුව විදුහල්පතිවරයා විසින් අදාළ සිසුන් ගෙන්වා පරීක්ෂා තිබෙනවා.

එහිදී එක් සිසුවෙක් සන්තකයේ තිබී විදෙස් දුම්වැටි දෙකක් සොයාගෙන ඇති අතර විදුහල්පතිවරයා විසින් මේ පිළිබදව තණමල්විල පොලිසිය දැනුවත් කර ඇති බව වර්තාවනවා.

ඒ අනුව ක්‍රියාත්මක වු තණමල්විල පොලිසිය විසින් අදාළ සිසුන් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එහිදී දුම්වැටි අලෙවි කළ සිසුවා පවසා ඇත්තේ සුරියවැව නගරයේ බස් නැවතුම පිටුපස ඇති සිල්ලර කඩයකින් මෙම දුම්වැටි මිළදි ගන්නා බවයි.

ඒ අනුව පොලිසිය සිසුවාද සමග සූරියවැව ප්‍රදේශයේ පිහිටි අදාල වෙළදසැල වටලා තිබෙනවා.

එම අවස්ථාවේදී වෙළදසැල තුළ තිබී විදෙස් දුම්වැටි 690ක් හා දුම්වැටි අලෙවියෙන් උපයාගෙන තිබූ රුපියල් තුන් ලක්ෂ සහසකට අධික පමණ මුදලක් සොයා ගත් බව පොලිසිය පවසනවා.

සූරියවැව නව නගරයේ පදිංචි 38 හැවිරිදි වෙළදසැලේ හිමිකරු සම්බනධයෙන් සිදුකල මුලික විමර්ෂණවලදි අනාවරණය වි ඇත්තේ මිට පෙරද අවස්ථා කිහිපයකදිම මෙවැනි නිති විරෝධී දුම්වැටි අලෙවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති බවයි

සැකකාර වෙළදසැලේ හිමිකරු මෙම විදේශීය දුම්වැටියක් රුපියල් 100ක මුදලකට අලෙවි කර ඇති අතර අදාළ සිසුවා එක් දුම්වැටියක් රුපියල් 200 බැගින් පාසල තුළ අලෙවි කර ඇති බවයි පැවසෙන්නේ.

ඌව පළාතබාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේසෂ් සේනාරත්න,මොණරාගල කොට්ඨාශභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් එම්.ගුණවර්ධන,තණමල්විල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩී.එම්.පී.බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තණ්මල්විල පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිළින,පොලිස් සැරයන් වරුන් වන (40156)තුමාරරත්න,(104486) භවන්ත,(5250)පද්මසිරි,පොලිස් කොස්තාපල් වරුන් වන (19556) ලක්ෂාන් ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ දේහයන් ගම්බිම් බලා රැගෙන ගිය හැටි - "මං අල්ලලා බලන්නේ මේ මල්ලිද කියලා"
02:19
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
01:11
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරය කඳුළු ගංඟාවක් වෙයි.."මැණික නැගිටින්න..ඔයා නැතුව කොහොමද ඉන්නේ?"
03:52
Video thumbnail
නීතිඥවරියක් වීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ගුරුවරියක් සහ ස්වාමියා කොටු
02:12
Video thumbnail
පුවක්වත්ත මංසන්ධියේදී සිදුවූ බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු..වාහනත් පෙරලගෙන යන්නේ
01:09
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25