පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට ලක්ව ළමුන් 34ක් රෝහලේ

බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් අනතුරට පත්ව එහි ගමන් ගත ළමුන් 34 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

රාණිකාඩුව – බගවන්තලාව මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේ දී අද (28) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය නතර කිරීමට රියදුරා බස් රථය මාර්ග අසළ පස් කන්දක ගැටීමට සලස්වා තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ ළමුන් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවන බවත්, බගවන්තලාව ප්‍රාදෙශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සෙසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරිවරයා කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46