පාසල් ළමුන්ගේ දිවා ආහාර වේල ගැන වාර්තාවක් ඉල්ලයි

ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන් වෙත ආහාර ලබා දීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි මෙම වාර්තාව ඉල්ලා ඇත්තේ.

එහිදී දිවා ආහාර ලබා දීමේ වැඩපිළිවෙල සමඟ ප්‍රාථමික පාසල්වල සහ සිසුන් 100 ට අඩු පාසැල්වල සිසුන් පාසැලට පැමිණීමේ වර්ධනයක් සිදුවී ඇත්දැයි සොයාබලා වාර්තාවක් හා ආහාර ලබා දෙන ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් ප්‍රමාණය හා සිසුන් 100 ට අඩු පාසැල්වලට අදාළව ආහාර ලබා දෙන සිසුන් ප්‍රමාණ පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස පාඨලී චම්පික රණවක අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නා.

එයට අමතරව සමස්ථ වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක්ද ලබා දෙන ලෙසයි කාරක සභා සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇත්තේ.

පාසල් ළමුන්ට ලබාදෙන දිවා ආහාර වේල සම්බන්ධ අවධානය යොමු කළ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වූයේ රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා ආහාර ලබා දීම 2024 වසරේදී ලක්ෂ 11 සිට ලක්ෂ 16 දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව එක් දරුවෙකු සඳහා මෙහිදී වෙන් කෙරෙන මුදල රුපියල් 80 සිට රුපියල් 110 ක් දක්වා වැඩි කර තිබේ.

මීට අදාළ ආහාර වේලේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ද නිර්ණායක සකස් කර ඇති අතර ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ සම්බන්ධ පසු විපරම් සිදු කිරීම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කලාප අධ්‍යාපන කොට්ඨාස නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙතින් සිදුකෙරෙන බව ද කාරක සභාවේ දී අනාවරණය විය.

පසුගිය සමයෙහි දී පාසල් සිසුන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව වාර්තා වූ බවත්, මෙම ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව දරුවන්ගේ පාසල් පැමිණීම වැඩි වී ඇති බවත් ප්‍රකාශ විය.

පාසල් ළමුන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රු. බිලියන 16.6 ක් වැයවන නමුත් තවත් රු. බිලියන 4 ක පමණ අඩුවක් පවතින බව ද ප්‍රකාශ විය. පාසල් සිසුන්ට ආහාරවේලක් ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා ආධාර ලබාදීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල කැමැත්තකින් පසුවන නමුත්, සෘජුව රජය වෙත මෙම ආධාර ලබාදීමට ඔවුන් නොකැමැත්තක් දක්වන බව සභාපතිවරයා මෙහිදී පැවසීය. ගුරුදෙගුරු සමිති, පාසල් සංවර්ධන සමිති වැනි පාර්ශවයක් වෙත එම ආධාර ලබාදීම සඳහා නීතිමය බාධාවක් තිබේද යන්න සොයාබලන ලෙස ද හෙතෙම උපදෙස් දුන්නේ ය. එසේම, සමාජ මාධ්‍ය පාදක කරගෙන පැමිණිලි භාර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස උපදෙස් දුන් සභාපතිවරයා වට්ස්ඇප් මගින් ලබා දෙන ආහාර වේලේ ප්‍රමිතිය පිළිබඳ නිතිපතා වාර්තා කිරීම වැනි ක්‍රමවේදයක් භාවිතා කරන ලෙස ද ප්‍රකාශ කළේය.

එයට අමතරව අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ 2024 මැයි මස පවුල් 1,000,000ට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිලාභ ගෙවා ඇති බවත්, මෙයින් අන්ත දිළිඳු හා දිළිඳු යන වර්ගීකරණය යටතේ පවුල් 313,947 ක් හා 653,047 ට ප්‍රතිලාභ ගෙවා ඇති බවත් කාරක සභා සභාපතිවරයාගේ විමසුමට පිළිතුරු දෙමින් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු ප්‍රකාශ කළහ.

සුදුසුකම් ලැබූ 200,000 ට ජාතික හැඳුනුම්පත් හා ගිණුම්වල ගැටළු වැනි විවිධ හේතු මත ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබුවද ප්‍රතිලාභ ගෙවීමට නොහැකි වී ඇති බවත් මෙහිදී අනාවරණය විය. තවද, අභියාචනා විසඳීමේ ප්‍රගතිය පිළිබඳව කාරක සභාව විසින් විමසන ලදී.

මේ වසරේ මැයි මස එක් එක් කාණ්ඩය යටතේ අස්වැසුම ප්‍රතිලාභ ගෙවූ මුදල් ප්‍රමාණය, ප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව, ඉදිරිපත් කර ඇති අභියාචනා ප්‍රමාණය, අලුතින් තෝරා ගැනීමට නියමිත ප්‍රතිලාභීන් ප්‍රමාණය ආදිය පිළිබඳ නිවැරදි තොරතුරු හා 2024 වසරේ ජුලි මස සිට ලක්ෂ 24ට ප්‍රතිලාභ ගෙවීමට නියමිත බැවින් සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදය හා නිර්ණායක පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත නිර්දේශ කළේය.

එමෙන්ම, ග්‍රාම නිලධාරී වසමක අස්වැසුම ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්නේ කවර නිලධාරී කාණ්ඩයද යන්න පිළිබඳ ගැටළුවක් පවතින බැවින් ඒ පිළිබඳ වාර්තාවක්ද, විශාල පිරිසක් සාවද්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගෙන ඇති බව හෙළිදරව් වී ඇති බැවින් ප්‍රතිලාභ ලබා ගැනීමට අසත්‍ය තොරතුරු සැපයූ අයගේ සංඛ්‍යාලේඛන පිළිබඳ වාර්තාවක්ද කාරක සභාව වෙත ලබා දෙන ලෙස කාරක සභා සභාපතිවරයා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත නිර්දේශ කළේය.

විදාතා මධ්‍යස්ථාන සහ වාණිජ බැංකුවල සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා වූ ණය යෝජනා ක්‍රමය මේ වැඩපිළිවෙළට සම්බන්ධ කරගන්නා ලෙස ක්‍රම හා විධි කාරක සභාව මගින් මින් පෙර ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක වී ඇති ආකාරය කාරක සභා සභාපතිවරයා විසින් විමසන ලදී. මෙහිදී යෝජිත පවුල් බලාත්මක කිරීමේ වැඩසටහන පිළිබඳ අදාළ කාල සීමාවන් සමග තොරතුරු වාර්තාවක් තම කාරක සභාව වෙත ලබා දෙන ලෙස සභාපතිවරයා පැවසීය.

වැඩිහිටියන් සඳහා ලබා දෙන මාසික දීමනාව සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් කෙරුණු අතර වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන මාසික දීමනාව සළකා බැලීමේ දී මේ සඳහා වැය වන වියදම පිළිබඳ සවිස්තර වාර්තාවක් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව වෙත ලබාදෙන ලෙස මෙහිදී සභාපතිවරයා විසින් උපදෙස් දෙන ලදී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26