පාසල් සිසුවෙකු නිවසේ දී ගෙල වැළලාගනී

හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් ලෙතන්ටි වතුයායේ පාසල් සිසුවෙකු තම නිවස තුළ දී ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ, ලෙතන්ටි වතුයායේ පදිංචි වයස අවුරුදු 15ක් වන සෙන්ගම් ගෝබිනාත් නමැති සිසුවෙකි.

ඊයේ (30) රාත්‍රීයේදී ඔහු මෙසේ ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා.

සිසුවා ගෙල වැළලාගෙන මිය යාමට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර මේ පිළිබඳව හැටන් පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ සිදුකරනු ලබනවා.