පාසල් සිසුවෙක් ඩෝසරයකට යටවී මරුට

ජේ.සී.බී යන්ත්‍රයකට යටවී පාසල් සිසුවෙකු අද පස්වරුවේ මියගොස් ඇති බව මතුගම පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මතුගම නෑබඩ පාරේ පදිංචි 12 හැවිරිදි සිසුවෙක්.

ඔහු පාසල නිමවීමෙන් පසු චෙස් ක්‍රීඩා පුහුණුවට සහභාගි වී අනතුරුව නිවස කරා පා ගමනින් යන අතර මතුගම සිට නෑබඩ දෙසට ධාවනය වෙමින් තිබූ ඩෝස‍රයක ඉදිරිපස ගැටී මීටර් දෙකක් පමණ ඉදිරියට විසි වී අනතුරුව ඉදිරිපස රෝදයට යටවී ඇතැයි සඳහන්.

ජේ.සී.බී යන්ත්‍රයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.