පාසල් සිසුවෙක් ගෙළ වැළලාගෙන මිය ගිහින්

පාසල් සිසුවෙක් සිය නිවස අසළ පිහිටි දර මඩුවක ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව නොර්වුඩ් පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නොර්වුඩ් පොලිස් වසමට අයත් ඩන්කන් වතුයායේ පදිංචිව සිටි මුරුගානන්දන් අභිෂේක් නැමැති 15 හැවිරිදි සිසුවෙක්.

මෙම සිසුවා දින කිහිපයකට සිට පාසල් නොයෑම හේතුවෙන් ඔහුගේ දෙමව්පියන් විසින් අද දිනයේ පාසල් යන ලෙසට බලකර තිබෙනවා.

කෙසේ වෙතත් එම සිසුවා අද දිනයේ පාසල් නොගොස් ඇති අතර, පසුව දෙමව්පියන් විසින් කළ සොයා බැලීමේ දී සිසුවා ගෙළ වැළලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් මව්පියන් විසින් නොර්වුඩ් පොලිසියට පැමිණිලිකර ඇති අතර, එම පොලිසිය මේ සම්බන්ධව වැඩිදුරට පරීක්ෂණ පවත්වනවා.