spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් සිසුවියන්ට ලබන වසරේ සිට සනීපාරක්ෂක තුවා

වයස අවුරුදු 12ත් 18ත් අතර සිටින සියලුම ගැහැණු දරුවන්ට සනීපාරක්ෂක තුවා ලබාදිය යුතු බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් මුදල් වෙන්කරදීම සම්බන්ධයෙන් ඉදිරියේ දී රජය විසින් සාකච්ඡා සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළේ.

මෙම වැඩපිළිවෙල අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුවිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරිය යෝජනා කර සිටියේ.

මේ සම්බන්ධයෙන් අදහස දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ ග්‍රාමීය ප්‍රදේශවලට ප්‍රමුඛතාවක් ලබාදෙමින් ලබන වසරේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

ඒ, අනුව පාසල් දැරියන් ලක්ෂ 03කින් ආරම්භ කර ඉදිරියේ දී එම සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිකරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?