spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් සිසුවියක් කෙලෙසා මරා දැමූ අපරාධකරු වසර 13කට පසු අල්ලයි

2009 වසරේ ඇහැළියගොඩ ප්‍රදේශයේ දී පාසල් නිම වී නිවසට පැමිණෙමින් සිටි 15 හැවිරිදි සිසුවියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ඇහැළියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පලීගල ප්‍රදේශයේ දී ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොහු අපරාධයට අදාළව DNA සැසඳීමෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම ඝාතනයට අදාළව අවිස්සාවේල්ල මහාධිකරණයේ දැනටමත් නඩුවක් විභාගවෙමින් පවතින අතර මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු 39 වන වියේ පසුවන අයෙක් බව සඳහන්.

ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු අද (29) දින අවිස්සාවේල්ල මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?