පාසල් සිසුවියකට නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුගෙන් ලිංගික අතවර

පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් හබරාදූව ප්‍රදේශයේ ප්‍රසිද්ධ විද්‍යාලයක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිසුවිය ඉගෙනුම ලබා ඇත්තේ ප්‍රාථමික විද්‍යාලයක 05 වැනි ශ්‍රේණියේ යි.

අදාළ දැරියගේ මව්පියන් විසිනුයි මෙම පැමිණිල්ල පොලිසියේ ගොනුකර ඇත්තේ.

ඒ අනුව මේ වනවිට සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා ව පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 06 වන දින පාසලේ දී මෙම සිසුවිය සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ අතවරයට ලක් ව ඇති බවටයි අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.

දැරිය අද දින කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා ව හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොහු එම විද්‍යාලයේ විනය භාර ගුරුවරයෙකු බවටත් මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

සැකකරු ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 59 වන අයෙක්.

මොහුව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51