spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් යන බව කියා නිවසින් ගිය සිසුවිය අතුරුදන් (වීඩියෝ)

පසුගිය ජුනි මස 28 වනදා සිට අතුරුදන්ව සිටින පාසල් සිසුවියක් සම්බන්ධයෙන් අම්පාර පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අම්පාර ගල්මඩුව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය පාසල් යන බවට පවසා නිවසින් ගිය ද පාසලට ගොස් නොමැති බවටයි හෙළිවී ඇත්තේ.

පාසලෙන් කළ සොයා බැලීමේදී එදින නාම ලේඛනයේ ඇයගේ නම සටහන් වී නොමැති බවයි අනාවරණ වී තිබෙනවා.

අනතුරුව දෙමව්පියන් මෙම සිසුවියගේ අතුරුදන්වීම පිළිබඳ අම්පාර පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

දෙමව්පියන් පවසන්නේ තම දියණිය අතුරුදන් වී දින 12ක් ගතවී ඇතත් මෙතෙක් ඇය පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි.

මෙම සිසුවිය උදෑසන පාසල් නිල ඇඳුමින් සැරසී අම්පාර – ඉගිණියාගල මාර්ගයේ ගමන් කරන ආකාරය සී.සී.ටී.වී. කැමරාවල ද සටහන් වී තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ අම්පාර හෑගොඩ ඉන්ද්‍රසාර විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක්.

මෙම සිසුවිය පිළිබඳව තොරතුරක් ඇත්නම් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටිනේ.

https://youtu.be/1K76mf0ASQ0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
1
+1
4
+1
24
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?