පාසල් පෙම්වතිය හොරෙන් කැඳවාගෙන ගිහින් දූෂණය කරලා – 18 පෙම්වතා අත්අඩංගුවට

වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් මව්පිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් ඇයව දූෂණය කළ බව කියන 18 හැවිරිදි තරුණයෙක් කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, නයිනමඩම, වෙල්ලමංකරය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ලුණුවිල, කිරිමැටියානවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අනුව මෙම සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 14 වනදා පස්වරුවේ නිවසේ සිටි තම දියණිය අතුරුදහන්වී ඇති බවත්, පසුව කරන ලද සොයා බැලීමේ දී ඇය සැකකරු සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක සිටින බවට තොරතුරු ලැබුණු බව දැරියගේ මව පොලිසියට පවසා තිබෙනවා.

පසුව තමන් සැමියා සමඟ එහි ගොස් දියණිය සහ සැකකාර තරුණයා කැඳවාගෙන පැමිණි බවයි පැමිණිලිකාරිය පොලීසියට වැඩිදුරටත් පවසා ඇත්තේ.

සැකකාර තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් තිබූ බවත්, පෙම්වතාගේ ඉල්ලීම පරිදි ඔහු සමඟ ගිය බවත් දැරිය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

තමන්ව කැඳවාගෙන ගිය පෙම්වතා තමා සමඟ අඹු සැමියන් ලෙස දින 03ක් ජීවත් වූ බව ද ඇය පොලීසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු දැරිය කැදවාගෙන ගොස් ඇයව දූෂණය කර ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ වන බැවින් ඒ් සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස කොස්වත්ත පොලීසිය විසින් මිනුවන්ගොඩ පොලීසියට දැනුම් දී ඇති බව සඳහන්.

දැරිවිය මවගේ ආරක්ෂාව යටතේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

  1. කොල්ලාට අවුරුදු 10 – 20 අතර කාලයක් හිරේ ලගින්න වෙනවා. අවුරුදු 18 පැනපු කෙල්ලක් ඉස්සුවා නම් බේරෙන්න චාන්ස් එක තියෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17