පාසල් පෙම්වතිය රවටාගෙන රැගෙන ගිය ෆේස්බුක් පෙම්වතා අත්අඩංගුවට

පාසල් සිසුවියක් රවටා රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රඳවා සිටි පුද්ගලයෙක් ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ (17) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු විසින් මෙලෙස රවටාගෙන කැඳවාගෙනවිත් තිබුණේ ලිඳුල, ලෝගි වතුයායේ පදිංචි තලවකැලේ ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක 10 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක්.

සිසුවිය මුහුණු පොත ඔස්සේ සැකකාර තරුණයා හඳුනාගෙන ඇති අතර, ඒ අනුව ඔහු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන තිබෙනවා.

පසුව සැකකරු විසින් එම සිසුවියට පසුගිය (15) වනදා නානුඔය දුම්රිය ස්ථානයට මුණගැසීමට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව සිසුවිය නිවසට නොදන්වා නානුඔය දුම්රිය ස්ථානය වෙත පැමිණි අවස්ථාවේ සැකකරු විසින් ඇයව දුම්රියෙන්ම හපුතලේ දක්වා රැගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිසුවියගේ රැකියාවක් සඳහා විදේශගතව සිටින අතර, පියා භාරගේ සිටි දියණිය නිවසේ නොමැති බවට පියා විසින් ලිදුල පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ල මත ක්‍රියාත්මක වූ ලිදුල පොලිසිය සිසුවියගේ දුරකථන අංකය ඔස්සේ විශ්ලේෂණය කර ඇය හපුතලේ ප්‍රදේශයේ රැඳී සිටින බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

ඒ අනුව හපුතලේ ප්‍රදේශයට ගිය ලිඳුල පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් ඊයේ (17) රාත්‍රියේ සැකකරු සමඟ සිටි සිසුවිය සොයාගෙන තිබෙනවා.

අනතුරුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පාසල් සිසුවිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
20
+1
27
+1
5
+1
6
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වුණාට සමහරුන්ට නම් මේක හුණ්ඩුවක්
03:52
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47