පාසල් නිවාඩුව ගැන ගත් තීරණය

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සිසුන් සඳහා හෙට (04) දිනයේ සිට පාසල් නිවාඩුව ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, අදාළ නිවාඩු අප්‍රේල් මස 18 වන දින දක්වා ක්‍රියාත්මක බවය.

ඊට අමතරව උතුර, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු පාසල්වලට ද හෙට දිනයේ සිට පාසල් නිවාඩුව ලබාදීමට තීරණය කර තිබේ.

කෙසේවෙතත් උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර යන පළාත්හි පාසල්වල වාර පරීක්ෂණ අවසන් වී නොමැති සිසුන් පමණක් ඉදිරි දිනවල දී පාසල් වෙත කැඳවා අදාළ විභාග කටයුතු සිදුකර ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සියලු පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් හෙට දිනයේ සිට පාසල් ළමුන් සදඳහා නිවාඩු ලබාදුන්න ද විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සාමාන්‍ය පරිදි පාසල් වෙත වාර්තා කළ යුතුය.

විදුලි කප්පාදුව සහ පවතින ප්‍රවාහන ගැටලු පාදක කරගනිමින් හෙට දිනයේ සිට පාසල්වලට නිවාඩු ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ (02) දිනයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කළේය.

මේ අතර බස්නාහිර පළාතේ සියලුම කතෝලික පෞද්ගලික පාසල් සහ කතෝලික ජාත්‍යන්තර පාසල්වලට ලබන සතියේ නිවාඩු ලබා දී තිබේ.

එසේ වුවත් නියමිත පරිදි අදාළ පන්ති සඳහා වාර පරීක්ෂණය පවත්වනු ලබන බව ද කතෝලික පෞද්ගලික පාසල්, සාමාන්‍යාධිකාරි, ගැමුණු ඩයස් පියතුමා නිවේදනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙට් එකක් ඇවිත් නවතා තිබූ කැබ් රථයක් උස්සපු හැටි
01:58
Video thumbnail
ප්‍රධාන ආයතනයක හදිසියේම ඇතිවූ ගින්න - අමාරුයි නිවන්න - කෙමිකල්
01:15
Video thumbnail
අහිංසක උපාධිධාරීන්ගෙන් ආණ්ඩුව කෝටි 44ක් අරගෙන - දයාසිරිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:01
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමේ වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයකුත් සොයාගනී - මෙන්න නවතම දර්ශන
00:58
Video thumbnail
සජබෙන් ඡන්ද 21,000 ක් එක්ක ආව කියා බොරු කිව්ව තරුණය ප්‍රසිධියේ සියල්ල හෙළිකරයි
01:16
Video thumbnail
බොරු කියලා පොහොට්ටුවේ වේදිකාවට නැග්ග තරුණයා හැමෝගෙන්ම සමාව ගයි..මට කළකිරුණා
01:53
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමට පැමිණි මෝටර් රථය යැයි සැකකරන මෝටර් රථයක් සොයාගනී
01:07
Video thumbnail
නවතා තිබූ කැබ් රථයක් සෙට් එකක් ඇවිත් උස්සපු හැටි - ආවා කැබ් එක ගත්තා - ගියා
02:35
Video thumbnail
කණ්ඩායම් තුනේම උප නායක කමිදු මෙන්ඩිස් මාධ්‍යයට කිව්ව දේ - දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා
06:30
Video thumbnail
රංගගේ වැඩ තහනම් කරන්න - රංගට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි
04:32