පාසල් දැරිවියන් මුලින්ම අපයෝජනය වෙන්නේ පෙම්වතාගෙන් – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

පාසල් දරුවන් අතර ළමා අපයෝජන ක්‍රියා ඉහළ යාමේ දී පළමු වරට පාසල් දැරිවිය අපයෝජනයට ලක්වන්නේ තම පෙම්වතාගෙන් බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.

සහාපතිවරයා පෙන්වාදෙන්නේ; ආදරය සහ ලිංගිකත්වය අතර වෙනස හඳුනා ගැනීමට පාසල් දරුවන් දක්වන අසමත්භාවය මේ කෙරෙහි ප්‍රධාන හේතුවක් බව‍යි.

පාසල් දැරිවියන් හා පෙර පාසල් දැරිවියන් අපයෝජන ලක්වන ප්‍රමාණයට සමාන අයුරින් ම පිරිමි දරුවන් ද අපයෝජනයට ලක්වන බව අමතක නොකළ යුතු බව ද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරනවා.

ළමා ලක්ෂණ අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා වරක් පෙන්වා දුන්නේ; පිරිමි දරුවන් අපයෝජනයට ලක්වීමේ ප්‍රතිශතය ගැහැණු දරුවන් අපයෝජන ලක් වන ප්‍රතිශතයට වඩා ඉහළ බවයි.

පවුලේ හිතවත්ම වැඩිහිටියන් අතින් දරුවන්ව අපයෝජනයට ලක් වන සිදුවීම් මේ වනවිට වාර්තාවීමේ වැඩිවීමක් ද තිබෙන බව ද සභාපති චමල් සංජීව මහතා පවසනවා.

එවන් අවස්ථාවක දී ගත යුතු පියවර සම්බන්ධයෙන් පාසල් දරුවන් තුළ පවතින නොදැනුවත්භාව සහ බිය යන කාරණාවල ප්‍රතිඵලයක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ දරුවන් දිගින් දිගටම දූෂණයට ලක් වන බවයි හෙතෙම පෙන්වාදෙන්නේ.

පාසල් අධ්‍යාපනය තුළ ලිංගික අධ්‍යාපනය වැඩිදියුණු කිරීමත් ඒ සම්බන්ධව පවතින බාධා ඉවත් කිරීමත් වැදගත් බවට ද විශේෂඥ වෛද්‍ය සමල් සංජීව මහතා අවධාරණය කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයත්; අධ්‍යාපන අමාත්‍යාංශයත් ;නීතිපති දෙපාර්තමේන්තුවත් ඇතුළුව සිවිල් සංවිධාන එක්ව මේ සම්බන්ධයෙන් කාලීන වැඩසටහන් සැකසීමේ අවශ්‍යතාවක් පවතින බවයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා පෙන්වාදෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14