පාසල් දැරියක් පැහැරගෙන යාමට වෙර දැරූ සැකකරුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසල දී දැරියක් පැහැරගෙන යාමට උත්සාහ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

කුරුඳුවත්ත පොලිසිය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරිය ඊට අවසර ලබා දුන්නා.

කුරුඳුවත්ත පොලිසියේ සැරයන් තිලකරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම සැකකරුට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බව සඳහන් කළා.

ඒ අනුව සැකකරු තවත් පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

ඒ අනුව සැකකරු පැය 72 ක කාලයක් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් නියෝග කළා.

මෙම සැකකරු කොළඹ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවකු බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මෙම දැරිය පැහැරගෙන ගොස් තර්ජනය කර කප්පමක් ලබා ගැනීමේ අරමුණින් සැකකරු මෙම ක්‍රියාව සිදුකර ඇති බව විමර්ශනවල දී දැනට අනාවරණය වී ඇති බව ද පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14