පාසල් දරුවන් සිටින මවුපියන්ට තවත් බරක් පැටවෙයි

පාසල් ජල බිල්පත් ගෙවන ලෙස දන්වා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය රජයේ පාසල් වෙත චක්‍රලේඛයක් යවා ඇත.

මෙතෙක් එම බිල්පත් ගෙවීම සඳහා යවනු ලැබුවේ මහා භාණ්ඩාගාරය වෙත ය.

මහා භාණ්ඩාගාරයෙන් බිල නොගෙවන බැවින් පාසල්වලින් අය කර ගැනීමට තීරණය කළ බව ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

පාසල්වල භාවිත කරන ජලය වෙනුවෙන් වසරකට රුපියල් කෝටි දහයකට ආසන්න ජල බිලක් මහා භාණ්ඩාගාරයෙන් ගෙවිය යුතු වුව ත් කිසිදු අවස්ථාවක පාසල් ජල බිල් ගෙවීමට පියවර ගෙන නැතැයි එම නිලධාරියා කීය.

පාසල්වලින් අය කිරීමට නියමිතව ඇත්තේ මුල් ඒකක 40,000 වෙනුවෙන් ඒකකයට රුපියල් 6ක සහන මිලක් බව ද හෙතෙම සඳහන් කළේ ය.

පාසල් දරුවන්ද ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පුරුදු පුහුණු කිරීමත්, ජල නාස්තිය අවම කිරීමටත් අරමුණු කරගෙන මෙම සැලසුම් සැකසූ බව කී එම ප්‍රකාශකයා ඇතැම් පාසල්වල භාවිත කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ජලය අපතේ හරින බවද කීය.

රජයේ පාසල් තමන්ගේ ම ළිංවලින් ජලය ලබා ගන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බව කී ඔහු බහුතරයක් පාසල් නළ ජලය ලබා ගන්නා බව ද සඳහන් කළේ ය.

පාසල් සඳහා ජල සම්බන්ධතා ලබා දීමේදී එම සබඳතා නොමිලේ ලබා දෙන බව ද හෙතෙම තවදුරට ත් කියා සිටියේ ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51