spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් දරුවන් සිටින මවුපියන්ට තවත් බරක් පැටවෙයි

පාසල් ජල බිල්පත් ගෙවන ලෙස දන්වා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය රජයේ පාසල් වෙත චක්‍රලේඛයක් යවා ඇත.

මෙතෙක් එම බිල්පත් ගෙවීම සඳහා යවනු ලැබුවේ මහා භාණ්ඩාගාරය වෙත ය.

මහා භාණ්ඩාගාරයෙන් බිල නොගෙවන බැවින් පාසල්වලින් අය කර ගැනීමට තීරණය කළ බව ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

පාසල්වල භාවිත කරන ජලය වෙනුවෙන් වසරකට රුපියල් කෝටි දහයකට ආසන්න ජල බිලක් මහා භාණ්ඩාගාරයෙන් ගෙවිය යුතු වුව ත් කිසිදු අවස්ථාවක පාසල් ජල බිල් ගෙවීමට පියවර ගෙන නැතැයි එම නිලධාරියා කීය.

පාසල්වලින් අය කිරීමට නියමිතව ඇත්තේ මුල් ඒකක 40,000 වෙනුවෙන් ඒකකයට රුපියල් 6ක සහන මිලක් බව ද හෙතෙම සඳහන් කළේ ය.

පාසල් දරුවන්ද ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පුරුදු පුහුණු කිරීමත්, ජල නාස්තිය අවම කිරීමටත් අරමුණු කරගෙන මෙම සැලසුම් සැකසූ බව කී එම ප්‍රකාශකයා ඇතැම් පාසල්වල භාවිත කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ජලය අපතේ හරින බවද කීය.

රජයේ පාසල් තමන්ගේ ම ළිංවලින් ජලය ලබා ගන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බව කී ඔහු බහුතරයක් පාසල් නළ ජලය ලබා ගන්නා බව ද සඳහන් කළේ ය.

පාසල් සඳහා ජල සම්බන්ධතා ලබා දීමේදී එම සබඳතා නොමිලේ ලබා දෙන බව ද හෙතෙම තවදුරට ත් කියා සිටියේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?