පාසල් දරුවන් අතර තිබී ජීව උණ්ඩ තොගයක් සොයා ගනියි

පාසල් දරුවන් කිහිපදෙනෙකු සතු ව තිබී ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙම සිදුවීම හසලක -7 ඇළ ප්‍රදේශයෙන් වාර්තා වන බවයි.

මෙම දරුවන් කිහිපදෙනා ඊයේ (19) නිවෙස් අවට සෙල්ලම් කරමින් සිටින අතරවාරයේ දී ඉන් එක් දරුවෙකුට අදාළ ජීවඋණ්ඩ හමු වී තිබෙනවා.

ඉන් පසු එම දරුවා සිය මිතුරන් අතරේ එම ජීවඋණ්ඩ බෙදා දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එක් දරුවෙක් තමන්ට ලැබුණු ජීව උණ්ඩය නිවසට ගිය පසු ළිපට දමා ඇති අතර එහිදී එය පුපුරා ගොස් තිබෙනවා.

එම සිදුවීමෙන් පසුව නිවැසියන් මේ පිළිබඳව පොලිසියට දැනුම්දීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුව යුද හමුදාව, පොලීසිය සහ සොකෝ නිලධාරීන් පැමිණ පිපිරීම සිදු වූ නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඉහත තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව අනෙක් දරුවන්ගේ නිවාස ද පරීක්ෂා කර බැලීමේ දී දරුවන් සතුව තිබී මෙම ජීවඋණ්ඩ සොයාගෙන තිබෙනවා.

පළමුවෙන්ම මෙම ජීවඋණ්ඩ හමු වූ දරුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ එම දරුවාට එම උණ්ඩ හමු වී ඇත්තේ ඔවුන්ගේ නිවෙස් අසලම පිහිටි තවත් නිවසක දර මඬුවක තිබියදී බවයි.

දරුවන් සතුව තිබී ජීවඋණ්ඩ 30ක් පමණ තිබී සොයාගැනුණා.

ඒ සම්බන්ධයෙන් හසලක පොලීසිය පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16