පාසල් දරුවන්ට ගංජා මිශ්‍රිත දුම්කුඩු අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට (වීඩියෝ)

අලුත්ගම දර්ගා නගරයේ ප්‍රධාන පාසල් ආසන්නයේ පාසල් දරුවන්ට ගංජා මිශ්‍රිත දුම්කුඩු අලෙවි කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුමට සමගාමීව අලුත්ගම පොලිස් වසමේ ප්‍රධාන පාසල් ආසන්නයේ පිහිටි සියලුම වෙළෙදසැල් පරීක්ෂා කිරීමට කටයුතු කළ බවයි අලුත්ගම පොලිසිය සදහන් කළේ.

අලුත්ගම පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් විශේෂ පොලිස්‌ කණ්ඩායමක් යොදවා අදාළ පරීක්ෂා කිරීම් සිදු කරනු ලැබුවා.

එහිදී අලුත්ගම දර්ගා නගරයේ ප්‍රධාන පාසල් ආසන්නයේ පිහිටි වෙළඳසැලක් පරීක්ෂා කිරීමේදී එම වෙළඳසැලේ තිබී ගංජා මිශ්‍රිත දුම් කුඩු සහිත කුඩා ප්‍රමාණයේ පැකට් 120 කට ආසන්න ප්‍රමාණයක් අලුත්ගම පොලිසියේ පොලිස් නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.

මේ පිලිබදව වෙළඳසැල් හිමිකරු ප්‍රකාශ කර ඇත්තේ මෙම කුඩු විශේෂය ආයුර්වේද බෙහෙතක් ලෙස යොදාගනිමින් අලෙවි කිරීම් කටයුතු සිදු කරන බවයි.

අදාළ දුම් කුඩු විශේෂය කිසිදු වෙළඳ බලපත්‍රයක් හෝ වෙළඳා ආයතනයකින් නිකුත් නොකරන ලද එකක් බවට අනාවරණය කරගෙන තිබෙනවා.

අනතුරුව සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූයේ මෙම ගංජා මිශ්‍රිත දුම්කුඩු පාසල් දරුවන්ට අලෙවි කිරීම් කටයුතු සිදු කරන බවයි.

ඒවා මිලදී ගෙනගෙන පාසල් දරුවන් මුඛයේ රඳවාගෙන එම කුඩු දියවෙන්නට හැර යම්කිසි මත්වීමක් සඳහා භාවිතා කරන බවයි.

විශාල වශයෙන් පාසල් දරුවන් අදාළ වෙළඳසැලට මෙම දුම්කුඩු මිලදී ගැනීම සඳහා පැමිණෙන බවයි මෙම වැටලීමෙන් පසුව ප්‍රදේශවාසීන් කියා සිටියේ .

වෙළඳසැල් හිමිකරුද කිසිදු පැකිලීමකින් තොරව මෙම ගංජා මිශ්‍රිත දුම් කුඩු පාසල් දරුවන්ට අලෙවි කරන බවඔවුන් සදහන් කළා.

ඒ අනුව දර්ගා නගරයේ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැකකරු අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (12 ) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14