පාසල්වල පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි ඉගැන්වීම ලබන වසරේ සිට

ලබන වසරේ (2023) සිට සියලුම පාසල්වල පළමු වසරේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට කටයුතු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළා.

අද (03) පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.