පාලුකඩවල වැවේ ගිලී දැරියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ගල්ගමුව – පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු අවුරුදු 12 සහ 17 යන වියේ පසුවූ දැරියන් දෙදෙනෙක්.

මෙම දැරියන් දෙදෙනා එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද (13) දහවල් වැවේ දිය නෑමට ගොස් සිටිය දී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.