පාලිත බණ්ඩාරට පැරා ඔලිම්පික් උළෙලේ යගුලිය විසිකිරීමේ ඉසව්වේ පස්වන තැන

2024 පැරිස් පැරා ඔලිම්පික් උළෙලේ පිරිමි T63 යගුලිය විසිකිරීමේ ඉසව්වෙන් පස්වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාරට හැකියාව ලැබුණා.

ඔහු එහිදී මීටර් 14.51ක දුරක් වාර්තා කරමින් පුද්ගලික හොඳම දක්ෂතාව අලුත් කළා.

පැරිස් පැරා ඔලිම්පික් උළෙලේ යගුලිය විසිකිරීමේ ඉසව්ව ඊයේ රාත්‍රියේ පැවැත් වුණා.