spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාලන මිලට වැඩියෙන් අලෙවි කරන සහල් සොයා පිටකොටුවේ මෙහෙයුමක් (වීඩියෝ)

රජය විසින් පනවා ඇති පාලන මිලට වඩා ඉහළ මිල ගණන්වලට සහල් අලෙවි කරන වෙළඳසැල් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිටකොටුව ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

පාලන මිලට වඩා වැඩි මිලට කීරි සම්බා සහල් අලෙවි කරන ස්ථාන සහ තොග සඟවාගෙන සිටින ස්ථාන කිහිපයකට මෙහිදී නීතිමය පියවර ගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

දිවයින පුරා පවතින වෙළඳසැල්වල කීරි සම්බා සඟවා ඇති බවට තොරතුරු වාර්තා වන අතර කීරි සම්බා අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් බවට දැනුම්දී තිබෙනවා.

ඇතැම් වෙළඳුන් එම පාලන මිල ඉක්මවා අලෙවි කරන බවටයි තොරතුරු වාර්තා වන්නේ. පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?