spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාරේ වී වේලීම නිසා පුද්ගලයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

මාර්ගයේ එක් මංතීරුවක වී වේලන අවස්ථාවක ලොරි රථයක් පාපැදියක ගැටීමෙන් සය දරු පියෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

පරන්තන් සිට මුලතිව් දක්වා වන මාර්ගයේ කන්ඩාවලෙයි මංසන්ධිය ප්‍රදේශයේදී යි ඊයේ (25) සවස මෙම අනතුර සිදුවී ඇත්තේ.

පොලිසිය පැවසූවේ වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි මෙම පුද්ගලයා ගමන් ගත් පා පැදිය ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි.
.
පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ සිට කන්ඩාවලෙයි ප්‍රදේශය දෙසට ගමන්ගත් පාපැදිය පරන්තන් සිට පුදුකුඩිඉරිප්පු බලා ධාවනය වු ලොරි රථයක ගැටී තිබෙනවා.

ප්‍රදේශවාසීන් මාර්ගයේ එක් මංතීරුවක වී දමා වේලමින් සිට ඇති අතර,එම අවස්ථාවේ එක් මංතීරුවක පමණක් වාහන දෙපසට ගමන් කිරීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසූවේ.

පොලිසිය සඳහන් කළේ මෙම අවස්ථාවේදී බස් රථයක් මගීන් නංවා ගැනීමට සහ බැස්සවීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ පාපැදිය බස් රථය පසු කර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ලොරියේ ගැටී ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර ද කිලිනොච්චිය පූනකරී ප්‍රදේශයේදී ද මාර්ගයේ වී වේලමින් සිටි පුද්ගලයෙකු ටිපර් රථයක ගැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබුණා.

අනතුරින් මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය යි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?