පාරේ වී වේලීම නිසා පුද්ගලයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

මාර්ගයේ එක් මංතීරුවක වී වේලන අවස්ථාවක ලොරි රථයක් පාපැදියක ගැටීමෙන් සය දරු පියෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

පරන්තන් සිට මුලතිව් දක්වා වන මාර්ගයේ කන්ඩාවලෙයි මංසන්ධිය ප්‍රදේශයේදී යි ඊයේ (25) සවස මෙම අනතුර සිදුවී ඇත්තේ.

පොලිසිය පැවසූවේ වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි මෙම පුද්ගලයා ගමන් ගත් පා පැදිය ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි.
.
පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ සිට කන්ඩාවලෙයි ප්‍රදේශය දෙසට ගමන්ගත් පාපැදිය පරන්තන් සිට පුදුකුඩිඉරිප්පු බලා ධාවනය වු ලොරි රථයක ගැටී තිබෙනවා.

ප්‍රදේශවාසීන් මාර්ගයේ එක් මංතීරුවක වී දමා වේලමින් සිට ඇති අතර,එම අවස්ථාවේ එක් මංතීරුවක පමණක් වාහන දෙපසට ගමන් කිරීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසූවේ.

පොලිසිය සඳහන් කළේ මෙම අවස්ථාවේදී බස් රථයක් මගීන් නංවා ගැනීමට සහ බැස්සවීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ පාපැදිය බස් රථය පසු කර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ලොරියේ ගැටී ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර ද කිලිනොච්චිය පූනකරී ප්‍රදේශයේදී ද මාර්ගයේ වී වේලමින් සිටි පුද්ගලයෙකු ටිපර් රථයක ගැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබුණා.

අනතුරින් මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය යි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21