පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව 22, 24 රැස්වෙයි

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 22 වනදා සහ 24 වනදා රැස්වීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ එහි සභාපති සභානායක, දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන් ඊයේ (10) එම කාරක සභාව රැස්ව තිබූ අතර එහිදී එම කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා, ඊට අඩංගු විය යුතු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය.

මැතිවරණ ක්‍රමය කුමක් විය යුතුද යන්න මෙහිදී සාකාච්ඡාවට ලක්වී ඇති අතර, මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙන්නේ නම් කොට්ඨාස හා අනුපාත ප්‍රතිශතයන්, කෙසේවිය යුතුද යන්න එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

මේ අතර නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා නිතරඟයෙන් තේරී පත්ව තිබේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව තේරීම් කාරක සභාව විසින් මෙම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ලෙස අමාත්‍ය ගාමිණී ලොකුගේ, දයාසිරි ජයසේකර, නිමල් ලාන්සා, ජානක වක්කුඹුර යන රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් නම් කර තිබුණි.

මේ අනුව එහි සාමාජිකයින් ලෙස පළමු සභාවාරයේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. එම්. මුෂාරෆ් මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් මහතා ද පත් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39