පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක නම සංශෝධනය කරන්න අනුමැතිය

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නම සංශෝධනය කිරීමට එම කාරක සභාව තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී කාරක සභාව රැස්වූ අවස්ථාවේදී යි මෙම තීරණය ගෙන ඇත්තේ.

” ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකය “(Ease of Doing Business Index) ලෙස යොදන නම, යෝජිත ව්‍යාපාර සූදානම් (B – Ready) දර්ශකය ලෙස භාවිත කිරීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නව නාමය, “ යෝජිත ව්‍යාපාර සූදානම් (B – Ready) දර්ශකය, සඳහා සූදානම් වීමේදී මතුවන ප්‍රයෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර් දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” ලෙස සංශෝධනය කෙරෙනු ඇති.

කාරක සභාවේ කමිටු සාමාජිකයින් මේ සඳහා එකඟ වී ඇති අතර යොමු කිරීමේ අනුදේශයන්ද ඒ අනුව සංශෝධනයට ද එකඟතාව පළවී තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයට ඉදිරිපත් කර නිත්‍යානුකූලව කටයුතු කරන ලෙසටයි කාරක සභාවේ ලේකම්ට උපදෙස් ලබාදී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48