පාර්ලිමේන්තු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක් – ඉදිරියේ දී දැඩි තීරණයක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා නොදෙන්නේ නම් පාර්ලිමේන්තු කටයුතුවලට විපක්ෂයේ මැදිහත්වීම පිළිබඳව බරපතල තීන්දුවක් ගැනීමට ඉදිරියේ දී සිදුවන බවයි.

අද (17) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී ඇති වූ තත්ත්වය හේතුකොට ගෙනයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත්තේ.

කථානායකවරයාගේ පක්ෂක්ග්‍රාහී හැසිරීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් අද (17) පෙරවරුවේ සභාඝර්භයෙන් පිටතට ගියා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය පහතින්..

අද (2025.06.17) පාර්ලිමේන්තුව රැස් වූ මොහොතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉරාන සහ ඊශ්‍රායලය අතර මතුව ඇති යුධමය තත්ත්වය තුළ අප රටට බලපෑ හැකි ප්‍රධාන ගැටළු කීපයක් පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කිරීමට කථානායකතුමාගෙන් කාලය ඉල්ලා සිටි අතර, සුපුරුදු පරිදි කථානායකවරයා එම ඉල්ලීමට අවස්ථාව ලබා නොදුනි.
මෙම අර්බුදය හමුවේ ඊශ්‍රායලයේ වෙසෙන 20,000 කට අධික ශ්‍රී ලාංකිකයින් මෙන්ම ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට ප්‍රධාන වශයෙන් දායකත්වයක් ලබාදෙන ඉරානයේ තේ අපනයනයටද බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවත්, එමෙන්ම ලෝක සාමය සඳහා බරපතල තත්ත්වයක් උද්ගතව ඇති බවද, මෙම තත්ත්වය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිචාරය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව විපක්ෂයේ සියළු පක්ෂ වල අදහස විය.
නමුත්, ගරු කථානායකතුමා ඒ සඳහා අවස්ථාවක් සලසා දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කථා කිරීම සඳහා ඇති අයිතිය ඒ තුළින් උල්ලංඝනය වන බවයි.
10 වන පාර්ලිමේන්තුව තුළ දිගින් දිගටම වර්තමාන කථානායකවරයාගේ ක්‍රියා පිළිවෙත තුළ මෙය මෙසේ සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත් ව ඇතැයි මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරුන් පෙන්වා දුනි. කථානායකතුමා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට අදහස් පළ කිරීමට අවස්ථාව සලසා දෙමින් කටයුතු කිරිමටත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට අදහස් දැක්වීමට අවස්ථාව සලසා නොදීමත් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට පටහැනි බව විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී. පෙරේරා මහතා පෙන්වා දුනි.
ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් පාර්ලිමේන්තුව තළ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා නොදෙන්නේ නම් පාර්ලිමේන්තු කටයුතු වලට විපක්ෂයේ මැදිහත්වීම පිළිබඳව බරපතල තීන්දුවක් ගැනීමට සිදු වන බව ප්‍රකාශයට පත් කළ විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු වලින් ඉවත් වූ අතර, ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම සඳහා සියළුම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේදී හමු වී සාකච්ඡා කිරීමට කටයුතු කරන ලදී.

මාධ්‍ය අංශය
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16