දියවන්නාව තරණය කළ කෝඩුකාරයෝ අධ්‍යයන චාරිකාවක (වීඩියෝ)

ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ව පාර්ලිමේන්තු නිරීක්ෂණ චාරිකාවකට එක් කර තිබෙනවා.

හෙටින් (21) ඇරඹෙන 10 වැනි පාර්ලිමේන්තු සභා වාරයේ කටයුතු පහසුකර ගැනීම සඳහා සහ නවක මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහායි පාර්ලිමේන්තු මහලේකම් කාර්‍යාලය විසින් මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සංවිධානය කර ඇත්තේ.

මේ සඳහා එක්වන ජාතික ජන බලවේගය පක්ෂයේ සියලු ම මන්ත්‍රීවරුන් අද (20) දහවල් පැලවත්තේ පිහිටි ජාතික ජන බලවේගය පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබුණා.

නොවැම්බර් 14 වැනිදා පැවති මහ මැතිවරණයෙන් එම පක්ෂයෙන් අපේක්ෂකයින් 141ක් සහ ජාතික ලැයිස්තුවෙන් 18 දෙනෙක් පාර්ලිමේන්තුවට යාමට වරම් ලැබූ අතර පක්ෂ මූලස්ථානයේ දී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන්ව දැනුවත් කර පසුව ඔවුන්ව පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන යාමට පියවර ගැනුණු බවයි දසත වාර්තාකරු සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් ලබාදීම මෙම නිරීක්ෂණ චාරිකාවේ ප්‍රමුඛතම අරමුණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39