පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධියට පත් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 208 දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ තොරතුරු ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 208 දෙනෙකුම තම අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තොරතුරු පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුලත් කර ඇති අතර මහජනතාවට ද එය දැක බලා ගත හැකියි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනෙකු සිය තොරතුරු පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයට භාරදී නොමැති බව ද සඳහන්.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව (RTIC) විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව මෙම තොරතුරු ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, ලබාගෙන ඇති උපාධි මෙන්ම වෘත්තීය සුදුසුකම්, හදාරා ඇති පාඨමාලා සහ පැමිණි දේශපාලන ගමන් මග පිළිබඳ තොරතුරු ද මීට ඇතුලත්.

මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් මෙතැනින් බලන්න