spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ගමන් කළ මෝටර් රථය අනතුරකට ලක්වෙයි (ඡායාරූප)

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ගමන් කරමින් තිබූ මෝටර් රථය අද (13) අලුයම අනතුරකට ලක්ව තිබෙනවා.

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී අද (13) අලුයම එකට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ

මෙම අනතුරෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි සාලියවැව පොලීසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ ඉහළ පුලියන්කුලිම, අළුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් වන අතර ඔහු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෝටර් රථය ධාවනය වූ දෙසටම ධාවනය වූ අත් ට්‍රැක්ටරයක පිටුපස මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ අත් ට්‍රැක්ටරය පදවා ගෙන රියදුරා බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ මෝටර් රථය පැදවූ රියදුරා සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
6
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?