පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ගමන් කළ මෝටර් රථය අනතුරකට ලක්වෙයි (ඡායාරූප)

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ගමන් කරමින් තිබූ මෝටර් රථය අද (13) අලුයම අනතුරකට ලක්ව තිබෙනවා.

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී අද (13) අලුයම එකට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ

මෙම අනතුරෙන් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි සාලියවැව පොලීසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ ඉහළ පුලියන්කුලිම, අළුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් වන අතර ඔහු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කරමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෝටර් රථය ධාවනය වූ දෙසටම ධාවනය වූ අත් ට්‍රැක්ටරයක පිටුපස මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ අත් ට්‍රැක්ටරය පදවා ගෙන රියදුරා බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ මෝටර් රථය පැදවූ රියදුරා සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17
Video thumbnail
මහ වැස්සේ තෙමී තෙමි අපේ ජනතාව උද්ඝෝෂණයට ආවේ - ආණ්ඩුවට මේක ඉවසගන්න බැරිවුණා
07:06
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය ඔයා පෙනය පුප්පන්න..හොරකම් කරන්න අයිතියක් නෑ
05:18
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11