spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු මන්ත්‍රීගේ පොලිස් ආරක්ෂකයා ගංජා ප්‍රවාහනය කරද්දී අල්ලයි

ත්‍රී රෝද රථයකින් ගංජා රැගෙන යමින් සිටි ප්‍රභූ ආරක්ෂක අංශයට අයත් පොලිස් නිලධාරියෙකු ඇතුලු තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔක්කම්පිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ රාත්‍රී ඔක්කම්පිටිය නගරයේදී වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී මාලිගාවිල සිට ඔක්කම්පිටිය දෙසට ධාවනය වෙමින් තිබූ සැක කටයුතු ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමේදී ගංජා ග්‍රෑම් 810ක් සමග එහි සිටි පොලිස් නිලධාරියෙකු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරියා මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාවට යොදවා ඇති අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

ඔහු බිබිල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්. ඒ අතර සිටි බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 31 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට පත්වූ පොලිස් නිලධාරියාගේ ඥාතියෙක් බව ද සඳහන්.

අනෙක් පුද්ගලයා බිබිල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්. සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?