පාර්ලිමේන්තු මන්ත්‍රීගේ පොලිස් ආරක්ෂකයා ගංජා ප්‍රවාහනය කරද්දී අල්ලයි

ත්‍රී රෝද රථයකින් ගංජා රැගෙන යමින් සිටි ප්‍රභූ ආරක්ෂක අංශයට අයත් පොලිස් නිලධාරියෙකු ඇතුලු තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔක්කම්පිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ රාත්‍රී ඔක්කම්පිටිය නගරයේදී වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී මාලිගාවිල සිට ඔක්කම්පිටිය දෙසට ධාවනය වෙමින් තිබූ සැක කටයුතු ත්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමේදී ගංජා ග්‍රෑම් 810ක් සමග එහි සිටි පොලිස් නිලධාරියෙකු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරියා මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාවට යොදවා ඇති අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

ඔහු බිබිල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්. ඒ අතර සිටි බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 31 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට පත්වූ පොලිස් නිලධාරියාගේ ඥාතියෙක් බව ද සඳහන්.

අනෙක් පුද්ගලයා බිබිල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්. සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04