පාර්ලිමේන්තු පුස්තකාලය අසලදී ඩයනා ගමගේට පහරදීමක් ? (වීඩියෝ)

පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී මන්ත්‍රීවරුන් පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් වාර්තා වී තිබෙනවා.

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී කියාසිටියේ සමගි ජන බලවේගයේ සුජිත් පෙරේරා මන්ත්‍රීවරයා විසින් තමාට පහරදී කාන්තා හිංසනයක් සිදු කළ බවයි.

පාර්ලිමේන්තු පුස්තකාලය ආසන්නයේදී මෙම පහරදීම සිදු වූ බවයි ඇය සඳහන් කළේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ පහළ මාලයේ පුස්තකාලය අසල ඇති වූ ගුටි බැට හුවමාරුව හේතුවෙන් එහි දැඩි කලබලකාරි තත්වයක් ඇති වූ බවයි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සහ සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් සිදුව ඇතැයි සඳහන්.

ඒ අවස්ථාවේදී එම සිදුවීම මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා සිද්ධිය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇති අතර එහිදී ඩයනා ගමගේ සහ සුජිත් සංජය පෙරේරා අතරද කිසියම් උද්වේගකර තත්ත්වයක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය ඇමතිනිය කියාසිටියේ තමාට සිදු වූ හිංසනය සම්බන්ධයෙන් කතානායකවරයා පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

එමෙන්ම තමාට පහරදුන් මන්ත්‍රීවරයාට එරෙහිව තමා ද නීතිමය පියවර ගන්නා බව ඩයනා ගමගේ ප්‍රකාශ කළා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට කාන්තාවන් සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් පවතින බවටයි ඇය චෝදනා කළේ.

අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අදහස් දක්වමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට කල් තබා මේ සම්බන්ධයෙන් කතානායකවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසටයි. මෙවැනි සිදුවීම් මීට පෙර පාර්ලිමේන්තුවේ සිදු වී නොමැති බැවින් මෙය බරපතල තත්ත්වයක් බවටයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ අනුව සභාව විනාඩි 10කට කල් තබනු ලැබුවා.

සභාව යළි රැස්වීමෙන් අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියාසිටියේ තමන් කතානායකවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කළ බවයි. පහරදුන් බව කියන අවස්ථාවේ වීඩියෝව කතානායකවරයාට පෙන්වා සිටි අතර ඒ අනුව නිවැරදිකරුවන් කවුරුන් ද යන්න වටහාගත හැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

අනතුරුව පහරදීමේ චෝදනා එල්ලවූ සුජිත් සංජය පෙරේරා මහතා ද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කියාසිටියේ තමා පාර්ලිමේන්තුවේ බිම් මහලට යන විට මෙම රාජ්‍ය අමාත්‍යවරිය ඉතා අසභ්‍ය වචනවලින් රෝහණ බණ්ඩාර මහතාට බනිමින් සිටි බවයි. මෙවැනි කටයුතු නොගැලෙපෙන අතර එබැවින් එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසට තමා අදාළ රාජ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටි බවයි ඔහු කියාසිටියේ. එහිදී මන්ත්‍රීවරිය තමාට පහරදුන් අතර තමා එම පහර වැළැක්වීම පමණක් සිදු කළ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

මෙම මන්ත්‍රීවරිය හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබා ගැනීම සඳහා එම ස්ථානයේ ඇති සී සී ටී වී කැමරා පරීක්ෂා කරන ලෙසට ද සුජිත් පෙරේරා මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22